මධ්‍යම ගාසා තීරයේ සරණාගත කඳවුරකට එල්ල වූ ප්‍රහාරයකින් 20 දෙනෙකු ජීවිතක්ෂයට
2024-05-19 18:34:46
Share with:

ඊශ්‍රායල හමුදාව මධ්‍යම ගාසා තීරයේ පිහිටි Nuseirat පලස්තීන සරණාගත කඳවුරට ප්‍රහාරයක් එල්ල කරයි.  අද (19) එල්ල වූ එම ප්‍රහාරයෙන් අවම වශයෙන්  20 දෙනෙකු මිය ගිය අතර, විශාල පිරිසක් තුවාල ලබා ඇත. තවත් පිරිසක් අතුරුදන් ව සිටිති.

මීට අමතරව ගාසා නගරයේ නැගෙනහිර ප්‍රදේශයේ පිහිටි පාසලකට සහ නිවසකට ද ඊශ්‍රායල හමුදාව අද (19) ප්‍රහාර එල්ල කළ අතර, එහිදී අවම වශයෙන් 9 දෙනෙකු මිය ගොස් තිබේ. උතුරු ගාසා තීරයට එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් මාධ්‍යවේදියකු මිය ගිය බව පලස්තීන පුවත් ඒජන්සිය අද (19) වාර්තා කළේය.

පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ පලස්තීන-ඊශ්‍රායල ගැටුම යළි ආරම්භ වූ දා සිට, ගාසා තීරයේ සිදුකෙරුණු හමුදා මෙහෙයුම්වලින් පලස්තීන ජාතිකයෝ 35,200 කට වැඩි පිරිසක් මිය ගියහ. 79,000 කට වැඩි පිරිසක් ඉන් තුවාල ලබා ඇති බව වාර්තා වෙයි.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම