චීන - ටජිකිස්තාන සහයෝගිතා තර කිරීමට ප්‍රතිඥා
2024-05-19 16:16:09
Share with:

චීනය සහ ටජිකිස්තානය,  විවිධ ක්ෂේත්‍රවල පවතින ද්විපාර්ශ්වික සහයෝගිතා පුළුල් කිරීමට ප්‍රතිඥා දෙයි.  චීන විදේශ අමාත්‍ය වං යී මහතා සහ ටජිකිස්තාන ජනාධිපති Emomali Rahmon මහතා අතර ඊයේ (18) ටජිකිස්තාන Dushanbe අගනුවර පැවති හමුවේ දී මේ බව  ප්‍රකාශ කෙරිණ.

තම දේශීය තත්ත්වයන්ට ගැලපෙන සංවර්ධන මාවතක් අනුගමනය කිරීමේ දී ටජිකිස්තානයට අඛණ්ඩව සහය දෙන චීනය, බාහිර පාර්ශ්ව විසින් සිදුකෙරෙන මැදිහත්වීම්වල දී දැඩි ලෙස විරුද්ධ වන බව වං යී මහතා කියාසිටියේය. ජාත්‍යන්තර තත්ත්වය කෙසේ වෙනස් වුවද, චීනය සැමවිටම ටජිකිස්තානයේ විශ්වාසවන්ත මිතුරා සහ හවුල්කරුවා වනු ඇතැයි ද හෙතෙම අවධාරණය කළේය.

චීනය සමග සබඳතා ප්‍රවර්ධනය තම රටේ විදේශ ප්‍රතිපත්තියේ ප්‍රමුඛ අංගයක් බව ටජිකිස්තාන ජනාධිපතිවරයා එහිදී පැවසීය. එකම චීනය මූලධර්මය තරයේ පිළිගන්නා තම රට, තායිවාන ප්‍රදේශය චීනයෙන් වෙන් කළ නොහැකි කොටසක් බව දැඩි ලෙස විශ්වාස කරන බව ද ඔහු කියාසිටියේය.

දෙරට අතර, ආර්ථිකය සහ වෙළඳාම, බලශක්තිය, ඛනිජ, ප්‍රවාහන, කෘෂිකර්ම, හරිත කර්මාන්ත සහ කෘත්‍රිම බුද්ධිය වැනි ක්ෂේත්‍රවල සහයෝගිතා ශක්තිමත් කිරීම ටජිකිස්තානයේ අපේක්ෂාව යි. ත්‍රස්තවාදය, බෙදුම්වාදය සහ අන්තවාදයට එරෙහි ව, චීනය සමග උපායමාර්ගික හවුල්කාරිත්වය නිරන්තරයෙන් පුළුල් හා ශක්තිමත් කළ යුතු බව ද  Emomali Rahmon   ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.





ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම