“සුරක්ෂා” සිසු රක්ෂණාවරණය යළි ඇරඹේ
2024-05-19 17:18:39
Share with:

 “සුරක්ෂා” සිසු රක්ෂණාවරණය යළි ආරම්භ කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබේ. ඒ අනුව දිවයින පුරා සියලුම පාසල් සිසුන්ට ලබන ජූනි මස මුල් සතියේ සිට මෙම රක්ෂණාවරණය යටතේ ප්‍රතිලාභ ලබා ගැනීමේ හැකියාව පවතී.  රටේ පැවති ආර්ථික ගැටලුකාරී තත්ත්වය හේතුවෙන් එය තාවකාලිකව අත්හිටුවා තිබිණ.

මීට අදාළව මුදල් අමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා සහ අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් ඉදිරිපත් කරන ලද ඒකාබද්ධ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි ව ඇත.

“සුරක්ෂා” සිසු රක්ෂණාවරණය, සෞඛ්‍ය ගැටලු හේතුවෙන් අධ්‍යාපනය ලද නොහැකි සිසුන්ට අඛණ්ඩ අධ්‍යාපනයක් ලබා දී ඔවුන්ගේ සුරක්ෂිතභාවය තහවුරු කිරීමේ සහ දෛනිකව පාසල් පැමිණීමේ තත්ත්වය වර්ධනය කිරීමේ අරමුණින් හඳුන්වාදෙනු ලැබීය.  2017 වර්ෂයේ එය ආරම්භ කෙරුණේ එවක අග්‍රාමාත්‍ය ධුරය දැරූ රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයක් අනුව යි.

2024 වර්ෂයේ අයවැය යෝජනා මගින් රුපියල් මිලියන 2000 ක මුදලක් මේ සඳහා වෙන් කර ඇත.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම