ඔලිම්පික් කමිටු සභාපතිවරයා චීන මාධ්‍ය සමූහයේ පැරිස් ඔලිම්පික් උළෙල වාර්තාකරණයට එක්වන මාධ්‍ය කණ්ඩායම හමුවෙයි
2024-05-19 19:43:09
Share with:

ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපති Thomas Bach මහතා චීන මාධ්‍ය සමූහයේ, පැරිස් ඔලිම්පික් උළෙල වාර්තාකරණයට එක්වන මාධ්‍ය කණ්ඩායම හඳුන්වාදීමේ උත්සවයට එක්වෙයි. 

Thomas Bach මහතා අද (19), ශැංහයි නගරයේ පිහිටි ජාත්‍යන්තර සන්නිවේදන මධ්‍යස්ථානයේ සංචාරයක නිරත විය. ඔහු එහිදී චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ ප්‍රචාරක දෙපාර්තමේන්තුවේ උපප්‍රධානි, චීන මාධ්‍ය සමූහයේ අධ්‍යක්ෂ ජනරාල් ශෙන් හයිෂියොන්ග් මහතා සමග චීන මාධ්‍ය සමූහයේ පැරිස් ඔලිම්පික් උළෙලේ ආවරණය සඳහා එක්වන නිෂ්පාදන කණ්ඩායම හඳුන්වාදීමේ උත්සවයට සහභාගි විය. ඔවුන් වෙනුවෙන් ලාංඡන ඵලක ද Thomas Bach මහතා අතින් ප්‍රදානය කෙරිණ.

ඔලිම්පික් උළෙල පැවැත්වෙන කාලය තුළ ගෝලීය සටන් විරාමයකට පැමිණීම පිළිබඳ ඒකාබද්ධ යෝජනාවක් පසුගියදා ෂී ජින්පිං ජනාධිපතිවරයා සිය ප්‍රංශ සංචාරය අතරතුර එරට ජනාධිපති Emmanuel Macron මහතා සමග ඉදිරිපත් කළ බව, ශෙන් හයිෂියොන්ග් මහතා එහිදී පැවැත්වූ තම දේශනයේ දී සිහිපත් කළේය. එය ඔලිම්පික් ජීවගුණය මැනැවින් පිළිබිඹු කිරීමේ පියවරක් බව ද ඔහු කියාසිටියේය.

ලොව විශාලතම ජාත්‍යන්තර සන්නිවේදන ආයතනය වශයෙන් චීන මාධ්‍ය සමූහය පැරිස් ඔලිම්පික් උළෙලේ ප්‍රධාන විකාශ ආයතනයක් ලෙසත් හා පූර්ණ මාධ්‍ය ආවරණය පිළිබඳ නිල විකාශ හිමිකම් ඇති මාධ්‍ය ආයතනයක් ලෙසත් තම වගකීම උපරිම ශක්තියෙන් ඉටු කරන බව ඔහු අවධාරණය කළේය.  

චීන මාධ්‍ය සමූහයේ පැරිස් ඔලිම්පික් උළෙල වාර්තාකරණ ලාංඡනය එළිදැක්වීම හා එම ආයතනය මගින් නිෂ්පාදිත ඔලිම්පික් විශේෂ වැඩසටහනේ විකාශය ආරම්භ කිරීම ද එම අවස්ථාවේ දී සිදුකෙරිණ.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම