
14 වැනි චීන සංචාරක දිනය මැයි 19 වැනිදාට යෙදී තිබේ. මේ නිමිත්තෙන් චීන සංස්කෘතික හා සංචාරක අමාත්‍යාංශය මැයි මාසය පුරා සංචාරක ක්‍රියාකාරකම් මාලාවක් සංවිධාන කර ඇත. ඒ අනුව, විවිධ ප්‍රදේශවල සංස්කෘතික හා සංචාරක පරිභෝජන ප්‍රවර්ධන පියවර ක්‍රියාත්මක වේ.
රාජ්‍ය අංශ, ව්‍යාපාර, බැංකු හා වාණිජ ආයතන මේ සඳහා වඩාත් සක්‍රිය ලෙස කටයුතු කරමින්, කර්මාන්ත සංගම්, සමගාමී ව්‍යාපාර, විදුලි සන්නිවේදන ව්‍යාපාර හා මුල්‍ය සේවා වේදිකා එක්ව ජනතාවට වාසී සහිත විධිවිධාන 6300 ක් එළිදක්වා ඇත. යුවාන් කෝටි දහයක වටිනාකමින් යුතු පාරිභෝගික කූපන් ද නිකුත් කර ඇත. සංචාරක ස්ථානවල ප්‍රවේශ පත්‍ර මිල අඩු කිරීම හෝ අහෝසි කිරීම, සංචාරක ඒජන්සි වට්ටම් හා නොමිලේ මෙහෙයුම් ඇතුළු විධිවිධාන මගින් ජනතාවගේ සංස්කෘතික හා සංචාරක පරිභෝජන අවශ්‍යතාව ප්‍රශස්ත අයුරින් සපුරාලීම රජයේ අපේක්ෂාවයි.