ඇෆ්ගනිස්ථානයේ ගංවතුරින් 50 දෙනෙකු ජීවිතක්ෂයට
2024-05-19 15:36:38
Share with:

බටහිර ඇෆ්ගනිස්ථානයේ සිදු වූ ගංවතුර විපතෙන් 50 දෙනෙක් ජීවිතක්ෂයට පත්වෙති. එරට පොලීසිය ඊයේ (18) මේ බව ප්‍රකාශ කළේය. 

බටහිර ඇෆ්ගනිස්ථානයේ Ghor පළාතේ 17 වැනිදා හටගත් අධික වර්ෂාපතනයෙන් ඇති වූ ගංවතුර හේතුවෙන් අවම වශයෙන් 50 දෙනෙකු මියගොස් තිබේ. තවත් 10 දෙනෙක් අතුරුදන් ව සිටිති.

පසුගිය මාර්තු මස අග භාගයේ සිට මේ දක්වා ඇෆ්ගනිස්ථානයේ විවිධ ප්‍රදේශවල ගංවතුර හා නායයාම් වැනි ස්වාභාවික විපත් විශාල වශයෙන් හටගෙන ඇත. 

ඉකුත් 10 වැනිදා එරට පළාත් රැසක පැවති ගංවතුර විපතෙන් මිය ගිය සංඛ්‍යාව 330 කට අධික බව එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහනේ ඇෆ්ගනිස්ථාන කාර්යාලය හා ප්‍රාදේශීය නිලධාරීන් නිකුත් කළ දත්තවල සඳහන් වේ.   

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම