ලොවට සුබ ආරංචි රැගෙන එන චීන ආර්ථික පුනර්ජීවනය
2024-05-18 18:07:35
Share with:

ආර්ථික සහයෝගිතා හා සංවර්ධන සංවිධානය හා යුරෝපා කොමිසම  මේ වසරේ චීන ආර්ථික වර්ධන පුරෝකථනය 0.2% කින් ඉහළ නංවා තිබේ.ජාත්‍යන්තර කළමනාකරණ උපදේශන සමාගමක් වන Kearney නිකුත් කළ මේ වසරේ ගෝලීය සෘජු විදේශ ආයෝජන විශ්වසනීයත්ව දර්ශකයේ ද චීනය පසුගිය වසරේ රැඳී සිටි 7 වැනි ස්ථානය ඉක්මවා 3 වැනි ස්ථානය දක්වා ඉහළ ගොස් ඇත.එමෙන්ම චීනය නව වෙළඳපොළවල් අතරින් පළමු ස්ථානය ද දිනා සිටී. 

චීන රජය පසුගිය අප්‍රේල් මාසයේ ආර්ථික කාර්යසාධන වාර්තාව ඊයේ (17) එළිදැක්වීය. විදේශීය මූල්‍ය ආයතනවලට චීනය කෙරෙහි පවතින විශ්වාසය එහි මනාව පිළිබිඹු වී තිබේ.චීන ආර්ථීකය තම ස්ථාවරභාවය නිසි ලෙස පවත්වා ගනිමින් අඛණ්ඩව ප්‍රකෘතිමත් වීමේ ප්‍රවණතාව හා ඊට බලපාන සක්‍රිය සාධක තහවුරු කර ගනු ඇතැයි ද අදාළ දත්ත වාර්තා  පෙන්වා දෙයි.

රටක ආර්ථීකය නිරීක්ෂණය කිරීමේ දී එහි සංවර්ධන විභවය සහ ඔරොත්තු දීමේ හැකියාව පිළිබඳව සැලකිය යුතුය.එය ප්‍රධාන වශයෙන් ලබාගැනෙන්නේ නවෝත්පාදන ශක්තියෙනි.චීනය නව ගුණාත්මක ඵලදායීතාව ප්‍රවර්ධනය කිරීමත් සමඟ නව ශක්තිය බිහි කිරීම ද කඩිනම් කරනු ඇත.විදේශ ව්‍යාවසායන් සඳහා නව ගුණාත්මක ඵලදායීතාව ප්‍රවර්ධනය කරන චීනය වඩා පුළුල් මෙන්ම විවෘත සහයෝගිතා අවස්ථා ද රැගෙන එනු ඇත. 

මීට අමතරව, චීන විදේශ වෙළඳාම ලෝකයට යහපත් ආරංචි රැගෙන එයි. පසුගිය මාසයේ චීන භාණ්ඩ ආනයන හා අපනයන ප්‍රමාණය පසුගිය වසරේ සමාන කාල සීමාවට සාපේක්ෂව සියයට 8 කින් වැඩි වී ඇත. එසේම මේ වසරේ ජනවාරි සිට අප්‍රේල් දක්වා කාලය තුළ වාර්තා වූ ආනයන හා අපනයන ප්‍රමාණය ද ඉතිහාසයේ වාර්තා වූ ඉහළම අගයකි. ලෝක ආර්ථිකය ප්‍රකෘතිමත් වීම මන්දගාමී ව පවතිද්දීත්, චීනයේ ආනයන හා අපනයන මට්ටම, චීන ආර්ථිකය සතු ඔරොත්තු දීමේ හැකියාව පිළිබිඹු කරයි. එය විදේශ ආයෝජකයන්ගේ විශ්වාසය ද තවදුරටත් තීව්‍ර කරනු ඇත.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම