චීන - ටැන්සානියානු විදේශ අමාත්‍යවරුන් අතර සාකච්ඡාවක්
2024-05-18 18:56:44
Share with:

චීන විදේශ අමාත්‍ය වං යී මහතා, ටැන්සානියාවේ විදේශ කටයුතු සහ නැගෙනහිර අප්‍රිකානු සහයෝගිතා අමාත්‍ය Yusuf Makamba මහතා සමග සාකච්ඡා පවත්වයි. එම සාකච්ඡා බෙයිජිං අගනුවර දී ඊයේ (17) පැවැත්විණ.

චීනයේ මූලික අවශ්‍යතා හා බැඳුණු ගැටලු සම්බන්ධයෙන් ටැන්සානියාවේ දිගුකාලීන  සහයෝගය චීනය අගය කරන බව වං යී මහතා එහිදී පැවසීය. එසේම, එරට ස්වෛරීභාවය, ආරක්ෂාව සහ සංවර්ධන අවශ්‍යතා සහතික කිරීමේ දී මෙන්ම රටට ගැලපෙන සංවර්ධන මාවතක් ගවේෂණය කිරීමේ දී මනා සහයෝගය දැක්වීමට චීනය සූදානම් බව ද හෙතෙම කියාසිටියේය.

චීන-අප්‍රිකා සහයෝගිතා සමුළුව මෙවර සරත් සෘතුවේ බෙයිජිං හි දී පැවැත්වේ. සෙසු අප්‍රිකානු රටවල් සමග එක්ව මෙම අවස්ථාවට එක්වන ලෙසත්, පොදු අනාගතයක් සහිත  චීන-අප්‍රිකානු ප්‍රජාවක් ගොඩනැගීමට ඉහළ දායකත්වයක් ලබා දෙන ලෙසත් චීනය ටැන්සානියාවට ඇරයුම් කරන බව ද වං යී මහතා පැවසීය.

ටැන්සානියාව සහ චීනය අතර පවතින ගැඹුරු සාම්ප්‍රදායික මිත්‍රත්වය සිහිපත් කළ Yusuf Makamba මහතා එහිදී පැවසුවේ, වසර 60 කට පෙර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ආරම්භ කළ දා සිට මේ දක්වා දෙරට සෑමවිටම විශ්වාසයෙන් හා  සහයෝගයෙන් ක්‍රියා කළ බව යි. ‘එකම චීනය’ මූලධර්මය ගරු කරන ටැන්සානියාව, මූලික අවශ්‍යතා හා  සම්බන්ධ ගැටලුවල දී චීනයට නොසැලී සහාය දක්වන බව ද හෙතෙම අවධාරණය කළේය.

 


ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම