ජනපති ඉන්දුනීසියාවට
2024-05-18 17:20:32
Share with:

ඉන්දුනීසියාවේ බාලි හි පැවැත්වෙන 10 වැනි ලෝක ජල සමුළුවේ ඉහළ පෙළේ සැසියට සහභාගි වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දිවයිනෙන් පිටත්ව යයි. ජනාධිපතිවරයා අද (18) පිටත් ව ගිය බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.

ජනාධිපතිවරයා මෙම සංචාරයට එක්වන්නේ ඉන්දුනීසියානු ජනාධිපති ජෝකෝ විඩෝඩෝ මහතාගේ ආරාධනයක් අනුව යි.

10 වැනි ලෝක ජල සමුළුවේ ඉහළ පෙළේ සැසිය “සාමූහික සෞභාග්‍යය සඳහා ජලය” යන තේමාව යටතේ අද (18)  සිට මැයි 20 වැනිදා දක්වා ඉන්දුනීසියාවේ බාලි හි පැවැත්වේ. වික්‍රමසිංහ මහතා මැයි 20 වනදා සමුළුව අමතා සිය විශේෂ දේශනය පවත්වනු ඇත.

ජනාධිපතිවරයා සමුළුවට සමගාමී ව ඉන්දුනීසියානු ජනාධිපතිවරයා ඇතුළු එරට ඉහළ පෙළේ නියෝජිතයන් කිහිපදෙනෙකු සමග ද්විපාර්ශ්වික සාකච්ඡාවල නිරත වනු ඇතැයි ද ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කර ඇත.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම