චීන ආර්ථිකයේ පුනර්ජීවන ප්‍රවණතාව මගින් ජගත් ප්‍රජාව චීනය කෙරෙහි දක්වන විශ්වාසය තවදුරටත් තහවුරු කෙරේ
2024-05-18 16:22:32
Share with:

චීන ආර්ථිකය අඛණ්ඩව ප්‍රකෘතිමත් වීමේ ප්‍රවණතාව තුළින් ජගත් ප්‍රජාව චීනය කෙරෙහි දක්වන විශ්වාසය තවදුරටත් තහවුරු කෙරෙනු ඇතැයි  චීනය පවසයි. 

චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක වං වෙන්බින් මහතා ඊයේ (17) පැවති මාධ්‍ය හමුවේ දී මේ බව ප්‍රකාශ කළේ, යුරෝපා කොමිසම හා ජාත්‍යන්තර මූල්‍ය ආයතන රැසක් චීන ආර්ථීක වර්ධනය පිළිබඳ පුරෝකථනය ඉහළ නැංවීම පිළිබඳව මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. 

මේ වන විට චීන ආර්ථිකය අඛණ්ඩව ප්‍රකෘතිමත් වෙමින් ආර්ථික හා සමාජයීය සංවර්ධනයේ යහපත් ආරම්භයක් සටහන් කර ඇත. චීනයේ ඇත්තේ ලොවට විවෘත සංවර්ධනයකි. එසේම, චීනයේ පවතින අවස්ථා සමස්ත ලෝකය වෙත විවර වී තිබේ. ආර්ථීකය ස්ථාවර ව ඉදිරියට ගෙන යමින්, විවෘතභාවය අඛණ්ඩව ව්‍යාප්ත කරන චීනය ලෝක ආර්ථීක සංවර්ධනයේ එන්ජිමකි. එමෙන්ම විවිධ රටවල ආයෝජකයන් ඉහළ අවධානය යොමුකරන රටක් බවට චීනය පත්වනු ඇතැයි ද වං වෙන්බින් මහතා පැවසීය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම