චීන මාධ්‍ය සමූහයේ 4K/8K අධිපැහැදිලි විකාශ ට්‍රක් රථය ඔලිම්පික් උළෙල පැවැත්වෙන පැරිස් නුවරට
2024-05-18 17:15:16
Share with:

චීන මාධ්‍ය සමූහය සතු 4K/8K අධිපැහැදිලි විකාශ ට්‍රක් රථය පැරිස් ඔලිම්පික් උළෙලේ දී මෙවර දිස්වනු ඇත.

එම විකාශ ට්‍රක් රථය බෙයිජිං හි පිහිටි චීන මාධ්‍ය සමූහ‍‍යේ Guanghualu කාර්යාල පරිශ්‍රයේ සිට ප්‍රංශය බලා අද (18)  පිටත් ව ගියේය. චීන මාධ්‍ය සමූහයේ විකාශ රථය වෙනත් රටක ඔලිම්පික් උළෙලක දී අතිනවීන 8K  නිෂ්පාදන සිදු කරන පළමු අවස්ථාව මෙයයි.

4K/8K අධිපැහැදිලි රූප නිෂ්පාදනය අතින් චීන මාධ්‍ය සමූහය ලොව ප්‍රමුඛ ස්ථානයක් ගෙන ඇත. පැරිස් ඔලිම්පික් උළෙලේ ප්‍රධාන විකාශ ආයතනයක් ලෙසත්, එම උළෙලේ වැඩිම විකාශ ලංසු දිනා ඇති ජාත්‍යන්තර මාධ්‍ය ආයතනය ලෙසත්, චීන මාධ්‍ය සමූහයේ පැරිස් ඔලිම්පික් විකාශ පරිමාණය මෙවර ඉතිහාසයේ විශාලතම අගයක් වාර්තා කරනු ඇත. ඒ අනුව, උළෙලේ විවිධ ඉසව් උසස් තත්ත්වයේ දසුන් සහිතව පැය 11,000 කට වඩා චීන මාධ්‍ය සමූහයේ රූපවාහිනී සහ නව මාධ්‍ය වේදිකා මගින් විකාශය කෙරෙනු ඇත.  

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම