කෘත්‍රිම බුද්ධිය ඇතුළු නවීන තාක්ෂණය සමග කෘෂිකර්මාන්තයේ නව පරිවර්තනයක් සිදුකිරීමට පියවර ගන්නා බව ජනපති කියයි
2024-05-18 18:43:37
Share with:

කෘත්‍රිම බුද්ධිය ඇතුළු නවීන තාක්ෂණය සමග මෙරට කෘෂිකර්මාන්තයේ නව පරිවර්තනයක් සිදුකිරීමට රජය සැලසුම් කර ඇති බවත්, ඒ සඳහා කැමැත්තක් දක්වන පෞද්ගලික අංශයේ ව්‍යවසායකයන්ට අවශ්‍ය සහාය ලබාදීමට පියවර ගන්නා බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. 

කෘත්‍රිම බුද්ධි තාක්ෂණය සහිත ශ්‍රී ලංකාවේ ප්‍රථම හරිතාගාරයේ නිරීක්ෂණ චාරිකාවකට ඊයේ (17) එක්වෙමින් හෙතෙම මේ බව කියාසිටියේය.

කෘෂි නවීකරණ වැඩපිළිවෙළ සඳහා මෙම වසරේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 100 ක් තෝරාගනු ලැබ ඇත. එහි පළමු අදියර යටතේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 25 කට අවශ්‍ය පහසුකම් සැපයීමට පියවර ගැනේ. දෙවන අදියරට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 75 ක් ඇතුළත් ය. 

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම