චීන -රුසියානු තරුණ ප්‍රජාවේ අදහස් හුවමාරු තවදුරටත් තහවුරු කළ යුතු බව රුසියානු ජනපති කියයි
2024-05-18 16:25:25
Share with:

චීන -රුසියානු තරුණ ප්‍රජාව අතර අදහස් හුවමාරු තවදුරටත් තහවුරු කිරීම තම  අපේක්ෂාව බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මහතා පවසයි.

චීනයේ නිල සංචාරයක නිරත රුසියානු ජනාධිපතිවරයා, ඊයේ (17)  Harbin තාක්ෂණ විශ්වවිද්‍යාලයේ පැවැත්වූ දේශනයක දී මේ බව කියාසිටියේය. අධ්‍යාපන තාක්ෂණ සහයෝගිතා, සංස්කෘතික හුවමාරු හා අන්‍යෝන්‍ය අධ්‍යයන සහ තරුණයන්ගේ සංවර්ධනය යන කරුණු සම්බන්ධයෙන් ද රුසියානු ජනාධිපතිවරයා එහි ගුරුවරුන් හා සිසුන් සමඟ අදහස් හුවමාරු කරගත්තේය.

රුසියානු-චීන උසස් අධ්‍යාපන ආයතන අතර පවතින සහයෝගිතා දෙරට තරුණ ප්‍රජාව සඳහා වෙත මනා අධ්‍යයන අවස්ථා ලබා දෙන අතර, දෙරට ජනතාවගේ අන්‍යෝන්‍ය අවබෝධය තහවුරු කිරීමට ද ඉවහල් වන බව හෙතෙම පැවසීය. චීනය සමඟ අඛණ්ඩව සහයෝගිතා ශක්තිමත් කරමින්, දෙරට තරුණ පිරිස් වෙත වඩා ඉහළ අධ්‍යයන අවස්ථා සහ හුවමාරු වේදිකා ලබාදීමට රුසියාව අපේක්ෂා කරන බව ද  ව්ලැදිමීර් පූටින් මහතා සඳහන් කළේය.

 

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම