8 වැනි චීන -රුසියානු ප්‍රදර්ශනයට චීන ජනපතිගෙන් සුබ පැතුම්
2024-05-17 14:58:36
Share with:

8 වැනි චීන-රුසියානු ප්‍රදර්ශනයට චීන ජනාධිපති ෂී ජින්පිං මහතා සුබ පැතුම් පණිවුඩයක් යොමු කරයි. 

දෙරටේ ඒකාබද්ධ ප්‍රයත්න යටතේ, චීන -රුසියානු සබඳතාව ස්ථාවර ව ඉදිරියට පවත්වාගෙන යමින් ප්‍රායෝගික සහයෝගීතා ජයග්‍රහණ ඔස්සේ දෙරට ජනතාවට ප්‍රතිලාභ හිමි කර දෙන බව ජනාධිපතිවරයා අද (17) යොමු කළ එම පණිවුඩයෙන් කියාසිටී. 

චීන-රුසියානු රාජ්‍යතාන්ත්‍රික සබඳතාවයේ 75 වැනි සංවත්සරය මේ වසරට යෙදෙයි. එය නව ඓතිහාසික ආරම්භයක් වන අතර එහි වඩා පුළුල් සංවර්ධන ඉදිරිදැක්මක්  අන්තර්ගත වනු ඇත.

එසේම, මෙවර ප්‍රදර්ශනය ප්‍රයෝජනයට ගනිමින් දෙරටේ විවිධ පාර්ශ්ව අතර අදහස් හුවමාරු පුළුල් කර අවස්ථා බෙදාගැනීමට ද අපේක්ෂිත බව ජනාධිපතිවරයා පවසයි. චීන-රුසියානු අන්‍යෝන්‍ය ජයග්‍රහණ සහිත සහයෝගිතා සඳහා දායකත්වය දී නවයුගයේ දෙරට පූර්ණ උපායමාර්ගික හවුල්කාරී සහයෝගිතා සබඳතාවේ සංවර්ධනය සහතික කරනු ඇතැයි අපේක්ෂා කරන බව ද ෂී ජින්පිං මහතා අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම