කලාපීය ආතතීන් උග්‍ර කිරීමේ ක්‍රියා නවතන්නැයි චීනය ඇමරිකාවෙන් ඉල්ලයි
2024-05-17 19:47:11
Share with:

කලාපීය ආතතීන් උග්‍ර කිරීම නතර කරන ලෙස චීනය ඇමරිකාවෙන් ඉල්ලා සිටී.

චීන ආරක්ෂක අමාත්‍යාංශ ප්‍රකාශක Zhang Xiaogang මහතා අද (17) මේ බව කියාසිටියේ, ඇමරිකානු හමුදාව කෘස් මිසයිල නිකුත් කිරීමේ උපකරණ පද්ධතියක්  පිලිපීනයට ප්‍රවාහනය කර යුද අභ්‍යාසයකට සහභාගි වූ බවට පළ වූ වාර්තා සම්බන්ධයෙන් චීනයේ ස්ථාවරය පැහැදිලි කරමිනි.

ඇමරිකාව පිලිපීනය හා එක්ව ගොඩබිම සඳහා භාවිත කරන මධ්‍යම දුර මිසයිල ස්ථානගත කිරීමේ ක්‍රියාවලිය චීනයේ උපායමාර්ගික ආරක්ෂාවට බරපතල ලෙස හානි කර ඇති අතර, කලාපීය ආරක්ෂාව, සාමය සහ ස්ථාවරත්වය ද බරපතල ලෙස අඩපණ කර ඇති බව ඔහු පෙන්වා දුන්නේය.

මෑත වසරවල ඇමරිකාව අවි පාලන ගිවිසුම් පද්ධතිය අඛණ්ඩව උල්ලංඝනය කරමින් සිටී. එය ගෝලීය උපායමාර්ගික ආරක්ෂාව සහ ස්ථාවරත්වය කෙරෙහි බරපතල බලපෑමක් ඇති කරන බව Zhang Xiaogang මහතා පෙන්වා දුන්නේය. ඇතැම් රටවල් වෙනත් පාර්ශ්වවල සීතල යුද මානසික උවමනා ඉටු කරමින් උපායමාර්ගික ප්‍රහාරක අවි තම භූමියේ ස්ථානගත කිරීමට ඉඩකඩ ලබා දීමෙන් සිදු වන්නේ, තමාගේම ආරක්ෂක අවදානම ඉහළ යාම පමණක් බව ද ඔහු ‍සඳහන් කළේය.

කලාපීය රටවල ආරක්ෂක අවශ්‍යතා සලකා, කලාපීය ආතතීන් උග්‍ර කරන ප්‍රචණ්ඩ ක්‍රියා නවත්වන ලෙස චීනය ඇමරිකාවෙන් ඉල්ලා සිටින බව ද Zhang Xiaogang මහතා පැවසීය. එසේම, රටේ ආරක්ෂාව සහතික කිරීම සඳහා චීනය අධිෂ්ඨානශීලී සහ ඵලදායී පියවර ගනු ඇතැයි ඔහු අවධාරණය කළේය.


ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම