චීන-රුසියා ජනාධිපතිවරුන් අතර නිල නොවන සාකච්ඡාවක්
2024-05-17 09:10:58
Share with:

චීන-රුසියා ජනාධිපතිවරු නිල නොවන සාකච්ඡාවක් පවත්වති. චීන ජනාධිපති ෂී ජින්පිං මහතා හා රුසියානු ජනාධිපති ව්ලැඩ්මිර් පූටින් මහතා ඊයේ(16) රාත්‍රියේ බෙයිජිං හි Zhongnanhai මණ්ඩපයේ දී‍ එම සාකච්ඡාව පැවැත්වූහ.

ලෝකයේ සාමය හා ඒකාබද්ධ සංවර්ධනය සහතික කිරීම සඳහා රුසියාව මෙන් ම සෙසු රටවල් සමග එක්ව, සහයෝගිතා තහවුරු කරමින් ගෝලීය පාලනය සඳහා වන නිරදව්‍ය දිශානතියට මඟපෙන්වීමට චීනය කැමති බව ජනාධිපති ෂී ජින්පිං මහතා එහිදී පැවසීය.

කිසිදු බලවේගයකට චීනයේ ප්‍රගමනය අවහිර කළ නොහැකි බව පූටින් ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේය. චීනය හා සෙසු ‘ගෝලීය දකුණු’ රටවල් සමග එක්ව සහයෝගිතා වැඩිදියුණු කර ජාත්‍යන්තර සාධාරණත්වය ඉදිරියට ගෙන යමින් වැඩි සමානත්වයෙන් හා බහුධ්‍රෑවකරණයෙන් යුතු ලෝකයක් ගොඩනැංවීම සහතික කිරීමට තම රට සූදානම් බව ද පූටින් මහතා පැවසීය.

එසේ ම, නායක දෙපළ යුක්රේන අර්බුදය පිළිබඳව අදහස් හුවමාරු කරගත්හ.

ෂී ජින්පිං මහතා එහිදී පැවසුවේ රුසියාවේ හා යුක්රේනයේ එකඟතාවන් මත, විවිධ පාර්ශ්වයන් සමාන සහභාගීත්වයෙන් යුතු සාකච්ඡා නිසි කලට පැවැත්වීමට චීනය සහාය වන බවයි. එහිදී සාධාරණ අයුරින් සියල්ල පිළිබඳ සාකච්ඡා කළ හැකි වනු ඇති බවට ද අපේක්ෂා කෙරේ. දේශපාලන ක්‍රමයෙන් අර්බුදය හැකි ඉක්මනින් විසඳා ගැනීම සඳහා සංවර්ධනාත්මක කාර්යභාරයන් ඉටු කිරීමට  චීනය කැමැත්තෙන් පසු වන බව ද ෂී ජින්පිං මහතා පෙන්වා දුන්නේය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පූටින් මහතා පැවසුවේ දේශපාලන සාකච්ඡා ඔස්සේ යුක්රේන අර්බුදය නිරාකරණය කිරීමට තම රට කටයුතු කරන බවයි. ඒ වෙනුවෙන් චීනය සමග අඛණ්ඩ ව සම්බන්ධතා පැවැත්වීමට කැමති බව ද හෙතෙම කියා සිටියේය.

ගුවන් විදුලිය
20240726සකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම