චීන-රුසියානු ප්‍රදර්ශනයේ සමාරම්භය චීන උපජනපති හා රුසියානු ජනපතිගේ ප්‍රධානත්වයෙන්
2024-05-17 19:48:45
Share with:

චීන උපජනාධිපති හන් චෙන්ග් මහතා සහ රුසියානු ජනාධිපති ව්ලැඩ්මිර් පූටින් මහතා 8 වැනි චීන-රුසියානු ප්‍රදර්ශනයේ සමාරම්භක උළෙලට එක්වෙති. එය අද (17)  හාර්බින් නගරයේ දී ආරම්භ විය.

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ප්‍රදර්ශනය වෙත එවූ සුබ පැතුම් පණිවුඩය උපජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත් කරනු ලැබීය.

එහිදී දේශනයක් පැවැත්වූ හන් චෙන්ග් මහතා කියාසිටියේ, වසර 2023 දී චීන රුසියානු වෙළඳ ප්‍රමාණය ඇ.ඩො. බිලියන 240 ඉක්මවා යමින් වාර්තාගත ඉහළ අගයකට පැමිණ ඇති බවයි. එසේම චීනය වසර 14 ක් පුරා රුසියාවේ විශාලතම වෙළඳ හවුල්කරුවා බවට පත් ව සිටින බව ද ඔහු පැවසීය. 

අන්‍යෝන්‍ය ආයෝජන ඉහළ යාමත් සමග බලශක්ති, රසායනික කාර්මික, ගුවන් සේවා හා අභ්‍යවකාශ මෙන්ම සන්නිවේදන හා ප්‍රවාහන යනාදී ක්ෂේත්‍රවල විශාල සහයෝගතා ව්‍යාපෘති ස්ථාවරව ඉදිරියට යමින් පවතී. චීන-රුසියානු ප්‍රදර්ශනය දෙරටේ ප්‍රාදේශීය මට්ටමේ හා ව්‍යාපාර අතර හුවාමරු පිළිබඳ වැදගත් වේදිකාවක් බවට පත් ව ඇතැයි ද ඔහු කියා සිටියේය.

   චීනය සමග සහයෝගතා සම්ප්‍රදාය තම රට අගයන බව රුසියානු ජනාධිපතිවරයා එහිදී පැවසීය. චීන-රුසියානු ප්‍රදර්ශනයේ කාර්යභාරය මනා ලෙස සාක්ෂාත් කරමින් ආර්ථික, වෙළඳ, ආයෝජන, බලශක්ති, කාර්මික, අතිනවීන තාක්ෂණ, දේශසීමා ගමනාගමන, සංචාරක, කෘෂි, හා ප්‍රාදේශීය යන ක්ෂේත්‍රවල සහයෝගතා ඔස්සේ නව ප්‍රගතීන් අත්පත් ගැනීමට හැකිවනු ඇතැයි ද පූටින් ජනාධිපතිවරයා අපේක්ෂා පළ කළේය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම