ලොව දැවැන්ත රටවල් අතර සබඳතා පිළිබඳ ප්‍රශස්ත ආදර්ශනයක් රැගෙන එන චීන-රුසියානු සම්බන්ධතාව
2024-05-17 20:33:00
Share with:

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා, නිල සංචාරයක් සඳහා චීනයට පැමිණ සිටින රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මහතා සමග  මැයි 16 වැනිදා සාකච්ඡා  පැවැත්වීය. රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාව ගොඩනගා ගතවූ වසර 75 ක් තුළ ද්විපාර්ශ්වික සම්බන්ධතාවය ලද සාර්ථක අත්දැකීම් සම්පිණ්ඩනය කළ නායක දෙපළ දෙරට සම්බන්ධතාවය සහ පොදු සැලකිල්ලට ලක්වන ජගත් හා කලාපීය ගැටලු සම්බන්ධයෙන් අදහස් හුවමාරු කර ඉදිරි සහයෝගතා සැලසුම් ද සම්පාදනය කළහ. චීන-රුසියානු ඒකාබද්ධ ප්‍රකාශයක් ද එහිදී පළකෙරුණු අතර, සහයෝගතා ලිපිලේඛන රැසකට ද අත්සන් තැබිණ. එමගින් ද්විපාර්ශ්වික සම්බන්ධතාවයට නව බලයක් එකතු වනු ඇතැයි යන්න දෙරටේ ම විශ්වාසය වී තිබේ. 

වත්මන් ලෝකය හමුවේ චීන-රුසියානු සම්බන්ධතාවයේ විශේෂත්වය කැපී පෙනේ. නොබැඳීම, එදිරිවාදිකම් ඇති නොකිරීම, තුන්වැනි පාර්ශ්වයකට එරෙහි නොවීම යන මූලධර්මය මත ගොඩනැගුණු එම සම්බන්ධතාව සීතල යුද සමයේ හමුදාමය දේශපාලන සන්ධාන ඉක්මවා, නව ජගත් සම්බන්ධතාවක් පිළිබඳ ආදර්ශයක් බවට පත්ව ඇත. ආරවුල් සහගත ලෝකයට එමගින් මහඟු ස්ථාවරත්වයක් ද තිළිණ කර තිබේ.

2013 වසරේ සිට චීන-රුසියානු නායක දෙපළ 40 කට වැඩි අවස්ථා ගණනක දී එකිනෙකා හමු වී ඇත. ‍ජනාධිපතිවරුන්ගේ උපායමාර්ගික මෙහෙයවීම යටතේ ද්විපාර්ශ්වික සම්බන්ධතාව මේ වන විට ඉතිහාසයේ පැවති හොඳම මට්ටමට පැමිණ තිබේ. දෙරට සෑමවිටම සාමකාමී යහපැවැත්ම පිළිබඳ පස් වැදෑරුම් ප්‍රතිපත්ති අනුගමනය කිරීම, අන්‍යෝන්‍ය ගරුත්වය හා විශ්වාසය, සමානාත්මතාව ගරුකිරීම, එකිකෙනාගේ වැදගත් කරුණුවලට නිසි සැලකිල්ල දැක්වීම සහ එකිනෙකාගේ සංවර්ධනයට ප්‍රායෝගිකව සහාය වීම යන මූලධර්ම මත පිහිටා ක්‍රියාකිරීම චීන-රුසියානු සම්බන්ධතා ජයග්‍රහණ රැසක් දිනාගැනීමට බලපෑ හේතු ලෙස ෂී ජින්පිං ජනාධිපතිවරයා පෙන්වා දී තිබේ.

දැවැන්ත රටවල් ප්‍රශස්ත අයුරින් එකිනෙකා ආශ්‍රය කරන්නේ කෙසේ ද යන්න ඉතිහාසයේ පවා අභියෝගාත්මක පැනයක් ව පැවතිණ. විශේෂයෙන් වර්තමානයේ ඇතැම් බටහිර රටවල් ‘දැවැන්ත රටවල් අතර තරගකාරීත්වය’ උද්දීපනය කිරීමෙහි නිරත වෙමින් ලෝකය තුළ බෙදීම් හා විරුද්ධත්වය ඇති කිරීමට උත්සාහ දරමින් සිටියි. කෙසේවෙතත් දැවැන්ත රටවලට ද ඇසුරු කිරීමේ නිවැරදි ක්‍රමයක් පවතින බවත්, එමගින් ලෝකයට සංවර්ධනය, සහයෝගතාව හා ආරක්ෂාව උදා කළ හැකි බවත් චීන-රුසියානු සම්බන්ධතාව මනාව පිළිබිඹු කර තිබේ. 

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම