ඇෆ්ගනිස්ථානයේ හටගත් දැඩි ගංවතුර සම්බන්ධයෙන් චීනයේ සංවේගය
2024-05-17 14:58:36
Share with:

ඇෆ්ගනිස්ථානයේ හටගත් දැඩි ගංවතුර සම්බන්ධයෙන් චීන විදේශ ඇමතිවරයා සිය සංවේගය පළ කරයි.

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ සාමාජික සහ විදේශ ඇමති වං යී මහතා ඊයේ (16) ඇෆ්ගනිස්ථාන අන්තර්වාර රජයේ වැඩ බලන විදේශ ඇමති අමීර් ඛාන් මුතාකි මහතා වෙත ශෝක පණිවුඩයක් යවමින් සිය සංවේගය පළ කළේ ය. එම ගංවතුරින් ජීවිතක්ෂයට පත්වූවන් පිළිබඳව ශෝකය පළ කරමින් තුවාල ලැබූවන් හා මිය ගිය අයගේ ඥාතීන් වෙත අවංක සංවේගය හා සානුකම්පාව පළ කරන බව එම ශෝක පණිවුඩයේ සඳහන් වෙයි.

ඇෆ්ගනිස්ථාන ජනතාව එම විපතෙන් බේරාගෙන ජනජීවිතය හා නිෂ්පාදන කටයුතු හැකි ඉක්මනින් යථා තත්වයට පත් කිරීමට හැකිවෙතැයි විශ්වාස කරන බව වං යී මහතා එහිදී සඳහන් කළේය. ඇෆ්ගනිස්ථානයේ අවශ්‍යතාවලට අනුව හදිසි ආධාර හැකි තරම් සැපයීමට චීනය කැමැත්තෙන් සිටින බව ද වං යී මහතා එහිදී පැවසීය.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම