‘එකම චීනය මූලධර්මය’ ගෝලීය පොදු එකඟතාවක් බව චීනය පවසයි
2024-05-17 20:13:50
Share with:

එකම චීනය මූලධර්මය ජාත්‍යන්තර තලයේ පොදු පිළිගැනීමක් මෙන්ම ප්‍රධානතම ප්‍රවණතාවක් බව චීනය කියාසිටී.

චීන වි‍දේශ අමාත්‍යංශ ප්‍රකාශක Wang Wenbin මහතා අද (17) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේ දී මේ බව පැවසුවේ, ගෝතමාලාවේ ජනාධිපතිවරයා, තායිවාන ප්‍රදේශයේ ඊනියා පාලකයා දිවුරුම් දීමේ අවස්ථාවට සහභාගි වීම ප්‍රතික්ෂේප කරන්නේ දැයි සිතමින් සිටින බවට පළ වී ඇති වාර්තා සම්බන්ධයෙන් අදහස්  දක්වමිනි.

තායිවාන ප්‍රදේශයේ ඊනියා පාලකයින් දිගු කලක් තිස්සේ ගෝතමාලාවෙන් දේශපාලන සහාය ලබා ගැනීම සඳහා අල්ලස් හා “ඩොලර් රාජ්‍යතාන්ත්‍රිකත්වය” භාවිත කළ ද,  ගෝලීය ජනතාවගේ පොදු එකඟතාවක් වන එකම චීනය මූලධර්මය කිසිවිටෙක මිලදී ගත නොහැකි වනු ඇතැයි හෙතෙම අවධාරණය කළේය.

තායිවාන ප්‍රදේශයේ ක්‍රියා කරන ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රගතිශීලී පක්ෂ බලධාරීන්ගේ “ඩොලර් රාජ්‍යතාන්ත්‍රිකත්වය” අදාළ රටවල සංවර්ධනයට උපකාරී නොවනු පමණක් නොව, දූෂණය ද ඇති කරයි. ඒ පිළිබඳව ගෝතමාලා රජය මෙන්ම ජනතාව ද නිසි අවබෝධයකින් යුතුව සිටින බව චීනය විශ්වාස කරන බව Wang Wenbin මහතා කියා සිටියේය.

පොදු ජාත්‍යන්තර සහ ඓතිහාසික ප්‍රවණතාවටත්, ජනතා ප්‍රතිලාභවලටත් අනුකූල වෙමින් ගෝතමාලාව කඩිනමින් නිවැරදි තීරණයකට එළඹෙනු ඇතැයි චීනය අපේක්ෂා කරන බව ද හෙතෙම පැවසීය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම