ඇමරිකාවේ Meta සමාගම පිළිබඳ යුරෝපා සංගමයෙන් විශේෂ පරීක්ෂණයක්
2024-05-17 10:56:38
Share with:

යුරෝපා සංගමය ඇමරිකාවේ Meta සමාගම පිළිබඳ පරීක්ෂණයක් ආරම්භ කරයි. එම සමාගමට අයත් Facebook  සහ  Instagram යන සමාජ මාධ්‍ය ජාල දෙකට එරෙහිව විධිමත් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි යුරෝපීය කොමිසම ඊයේ (16) ප්‍රකාශ කළේ ය. යුරෝපා සංගමයේ “ ඩිජිටල් සේවා පනතේ ” බාල වයස්කරුවන්ගේ ආරක්ෂාව පිළිබඳ රෙගුලාසි අනුව එම පරීක්ෂණය පවත්වන බව එම කොමිසම නිවේදනය කර ඇත.

Facebook  සහ  Instagram යන මාධ්‍යන්හි ඇල්ගොරිතම සහ අතුරුමුහුණත් සැලසුම්වල අවදානම් පවතින බැවින් එය බාල වයස්කරුවන්ගේ චර්යාත්මක ඇබ්බැහි වීමට හේතු වේ. යුරෝපීය කොමිසම Meta සමාගමේ වයස පරීක්ෂා කිරීමේ මෙවලම් පිළිබඳව ද කණස්සල්ල පළ කර තිබේ. බාල වයස්කරුවන්ගේ පෞද්ගලිකත්වය හා ආරක්ෂාව ඵලදායී ලෙස ආරක්ෂා කිරීම සඳහා සුදුසු පියවර ගෙන  නොමැති බව ද යුරෝපීය කොමිසම වැඩිදුරටත් සඳහන් කර ඇත.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම