33 වන අරාබි ලීග සමුළුව "ද්වි-රාජ්‍ය විසඳුම" සාක්ෂාත් කර ගැනීමට සහාය පළ කරයි
2024-05-17 10:02:31
Share with:

"ද්වි-රාජ්‍ය විසඳුම" සාක්ෂාත් කර ගන්නා ලෙස 33 වැනි අරාබි ලීග නායක කවුන්සිලයේ සමුළුව ඉල්ලා සිටී. එම සමුළුව ඊයේ(16) බහරේන් Manama අගනුවර දී නිමාවට පත්විය.

සමුළුවට පසු නිකුත් කෙරුණු බහරේන් ප්‍රකාශනය මගින්, මැදපෙරදිග සාම ක්‍රියාවලිය ප්‍රවර්ධනය කිරීමේ වගකීම භාර ගන්නා ලෙසට ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලා තිබේ. "ද්වි-රාජ්‍ය විසඳුම" මත පදනම්ව කලාපය තුළ සාධාරණ සහ සම්පූර්ණ සාමයක් ඉටු කළ යුතු බව එහි සඳහන් කෙරේ.

එසේම ගාසා තීරයට මානුෂීය ආධාර ප්‍රවේශය සහතික කිරීම සඳහා, ගාසා තීරයට එරෙහි ආක්‍රමණ වහා නතර කරන ලෙසත්, ගාසා තීරයෙන් සිය හමුදා සම්පූර්ණයෙන්ම ඉවත් කර ගන්නා ලෙසත්, එම ප්‍රකාශය ඊශ්‍රායලයෙන් ඉල්ලා සිටී.

ඊට අමතරව, සුඩානයේ ස්වෛරීභාවය, ස්වාධීනත්වය, භෞමික අඛණ්ඩතාව සහ ජාතික ආයතන ආරක්ෂා කිරීමට මෙම ප්‍රකාශනය සහාය පළ කරයි. එක්සත් ජාතින්ගේ ආරක්ෂක මණ්ඩලයේ 2254 තීරණයට අනුව සිරියානු අර්බුදය අවසන් කළ යුතු බව ද එහි යළි ප්‍රකාශ කෙරේ. එසේම, යේමන ජනාධිපති නායකත්ව මණ්ඩලය සහ යේමන රජය, ජාතික සංහිඳියාව ඉටු කිරීම සඳහා දරන ප්‍රයත්නයන්ට ස්ථීර සහාය පළ කරන බවද බහරේන් ප්‍රකාශනය සඳහන් කරයි.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම