පිලිපීනයේ තවත් වංචාකාරී ක්‍රියාවක්
2024-05-17 11:51:02
Share with:

පිලිපීන නැව් රැසක් ඊයේ(16) නීති විරෝධීව චීනයේ හුවාන්ග්යෑන් දූපත ආශ්‍රිත මුහුදු කලාපයේ එක්රැස් විය. “මේ දූපත අපගේ” යන ධජය ‍ප්‍රදර්ශනය කරමින් ඊනියා ස්වාධිපත්‍යය ප්‍රකාශ කිරීමේ හාස්‍යජනක ක්‍රියාකාරකම ප්‍රකාශ කරමින් පිලිපීන නැව් අදාළ අරමුණින් ඡායාරූප ගෙන තිබේ. චීන වෙරළාරක්ෂක බලකාය එම ක්‍රියාව අධීක්ෂණය කරමින් පිලිපීන නැව් සිදු කළ ක්‍රියා පිළිබඳ සාක්ෂි ලබා ගෙන තිබේ.

පිලිපීන නැව් නීති‍විරෝධීව චීනයේ හුවාන්ග්යෑන් දූපත ආශ්‍රිත මුහුදු කලාපයට ප්‍රවේශ වීමට සම්බන්ධයෙන් චීන වෙරළාරක්ෂක බලකාය ආරක්ෂක රේඛා දක්වා තිබේ. Bagacay නමැති පිලිපීන නිල නෞකාව ප්‍රමුඛ පිලිපීන ධීවර නැව් රැසක් හුවාන්ග්යෑන් දූපතෙන් නාවික සැතපුම් 50ක දුරින් ස්ථාන ගත කර තිබිණ. චීන වෙරළාක්ෂක බලකායට මුහුණ දෙන විට පිලිපීන නැව් තවත් ඉදිරියට පැමිණ නොමැත. ඊයේ(16) පෙරවරුවේ පිලිපීන නැව් පසුබැසීම ආරම්භ විය.

පිලිපීන පාර්ශ්වය පමණට වඩා ඉස්මතු කළ ද සැබෑ ලෙස ක්‍රියා කර නොමැති. එහෙත් පිලිපීනය ඒක පාර්ශ්විකව ප්‍රකාශ කළේ සිය ක්‍රියාකාරකම සාර්ථක වූ බවයි. පිලිපීනය සත්‍ය විකෘති කිරීම හා අසත්‍ය ප්‍රකාශ කිරීමෙන් සිය ප්‍රතිලාභ වෙනුවෙන් කටයුතු කර තිබේ. එය මහත් වංචාවකි.‍‍

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම