රෝගී අයිතිවාසිකම් සුරැකීමට ප්‍රඥප්තියක්
2024-05-17 15:20:25
Share with:

රෝහල් ගතවන රෝගීන්ගේ අයිතිවාසිකම් සුරැකීම සඳහා ප්‍රඥප්තියක් එළිදැක්වීමට පියවර ගන්නා බව සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව කියාසිටියේ වතුපිටිවල මූලික රෝහලේ වත්මන් තත්ත්වය පිළිබඳව සොයා බැලීමේ විශේෂ නිරීක්ෂණ චාරිකාවකට සහභාගි වීමෙන් අනතුරුව පැවති සාකච්ඡාවක දී ය. රෝගීන්ගේ ආරක්ෂාව පිළිබඳව වර්තමාන ලෝකයේ නව ප්‍රවණතාවක් පවතින බව ඇමතිවරයා එහිදී කියාසිටියේය.  

ලොව බොහෝ රටවලින් වාර්තා වන ආකාරයට රෝහල් ගතවන රෝගීන් 07 දෙනෙකුගෙන් එක් අයෙකු අවම වශයෙන් රෝහලේ දී කිසියම් ගැටලුවකට මුහුණදෙන බව හෙළි වී ඇති අතර, එය ගෝලීය තත්ත්වයකි. රෝගී ආරක්ෂාව යන්න මෙරට සෞඛ්‍ය සේවාවේ ද අවධානය යොමු විය යුතු ප්‍රධාන කරුණක් බව අමාත්‍යවරයා කියාසිටියේය. 

ඒ අනුව, පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභාවේ දී රෝගී අයිතිවාසිකම් පිළිබද ප්‍රඥප්තියක් එළිදක්වන බවත්, එය අනාගතයේ දී නීතියක් බවට පත්වනු ඇති බවත් ඔහු පෙන්වාදෙයි.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම