චීන ජාතික ආර්ථිකයේ ප්‍රකෘතිය අඛණ්ඩව
2024-05-17 10:45:18
Share with:

අප්‍රේල් මාසයේදී චීන ජාතික ආර්ථිකය ප්‍රකෘතිමත් වෙමින් තවදුරටත් වැඩිදියුණු විය.

චීන රාජ්‍ය මණ්ඩලයේ ප්‍රවෘත්ති කාර්යාලය අද (17) මාධ්‍ය හමුවක් පැවැත්වීය. එහිදී චීන ජාතික සංඛ්‍යාලේඛන කාර්යාංශය භාර අදාළ පුද්ගලයා 2024 වසරේ අප්‍රේල් මාසයේදී චීනයේ ජාතික ආර්ථිකයේ ක්‍රියාකාරිත්වය හඳුන්වා දුන්නේය.

අප්‍රේල් මාසයේදී, චීන යුවාන් මිලියන 20ක් හෝ ඊට වැඩි වාර්ෂික ප්‍රධාන ව්‍යාපාරික ආදායමක් සහිත චීනයේ කාර්මික ව්‍යවසායන්හි එකතු කළ අගය වසරින් වසර 6.7% කින් වැඩිවී ඇති බව සඳහන් කෙරිණ. පාරිභෝගික භාණ්ඩවල මුළු සිල්ලර අලෙවි වටිනාකම චීන යුවාන් බිලියන 3,569.9 ක් වූ අතර එය වසරින් වසර 2.3% ක වර්ධනයකි.

ජනවාරි සිට අප්‍රේල් දක්වා, චීනයේ සාමාන්‍ය නාගරික  විරැකියා අනුපාතය 5.2% ක් වූ අතර එය පසුගිය වසරේ එම කාලයට වඩා ප්‍රතිශත ලකුණු 0.2 කින් අඩු විය.

අප්‍රේල් මාසයේදී පාරිභෝගික මිල දර්ශකය  වසරින් වසර 0.3% කින් සහ මාසිකව 0.1% කින් වැඩිවී තිබේ.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම