තායිවානය භාවිත කරමින් ඇමරිකාව චීනය පාලනය කිරීම වහාම නතර කරන්නැයි චීනයෙන් ඉල්ලීමක්
2024-05-17 14:56:01
Share with:

අමෙරිකාවේ චීන තානාපති කාර්යාලය පසුගිය දා විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්විය. එහි චීන තානාපති කාර්යාලයේ ප්‍රකාශක Liu Pengyu මහතා තායිවාන ප්‍රශ්නය සම්බන්ධයෙන් චීනයේ ප්‍රතිපත්තිමය ස්ථාවරය පැහැදිලි කළේ ය. ඇමරිකාව, චීනය පාලනය කිරීමට තායිවාන ප්‍රශ්නය භාවිත කිරීමේ ක්‍රියා වහාම නවත්වන ලෙසත්, දෙරට සහ දෙරටේ හමුදා අතර සමස්ත සම්බන්ධතාවයත්, කලාපීය සාමය හා ස්ථාවරත්වය ආරක්ෂා කිරීමට ප්‍රායෝගික ක්‍රියාමාර්ග අනුගමනය කරන ලෙසත් හෙතෙම ඉල්ලා සිටියේය.  

තායිවාන ප්‍රදේශයේ මැතිවරණය චීනයේ ප්‍රාදේශීය කටයුත්තක් වන බවත්, මැතිවරණ ප්‍රතිඵලවලින් ලෝකයේ පවතින්නේ එකම චීනයක් බවත්, තායිවානය එහි කොටසක් යන මූලික කරුණ කිසිදු අයුරකින් වෙනස් නොවනු ඇත. එමෙන්ම තායිවානය චීනයට නැවත පැමිණෙනු ඇතැයි යන ඓතිහාසික ප්‍රවණතාවය වෙනස් නොවන බවත් Liu Pengyu මහතා එහිදී පැවසීය. එළඹෙන 20 වැනිදා පැවැත්වෙන තායිවාන ප්‍රදේශයේ ඊනියා “නව නායකයාට දිව්රුම් දීමේ උත්සවය” පිළිබඳ අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියේ ය. චීන මහජන සමූහාණ්ඩුවේ ආණ්ඩුව සමස්ත චීනය නියෝජනය කරන එකම නීත්‍යානුකූල ආණ්ඩුව බව ප්‍රතික්ෂේප කළ නොහැකි පොදු සත්‍යයක් වන අතර ජාත්‍යන්තර ප්‍රජාවේ පොදු එකඟතාවය සහ ජාත්‍යන්තර සබඳතාවල පිළිගත් මූලික සම්මතය ද එය වන බව Liu Pengyu මහතා සඳහන් කර ඇත.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම