රටේ සංචාරක කර්මාන්තයට චීන ජනපතිගෙන් උපදෙස් මාලාවක්
2024-05-17 20:51:41
Share with:

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා රටේ සංචාරක කර්මාන්තයේ සංවර්ධනය පිළිබඳව වැදගත් උපදෙස් මාලාවක් ලබා දී තිබේ. 

ප්‍රතිසංස්කරණ හා විවෘතභාවය ආරම්භ වීමෙන් පසු, විශේෂයෙන් චීන කොමියුනිස්ට් පක්ෂයේ 18 වැනි ජාතික කොංග්‍රසයෙන් අනතුරුව, රටේ සංචාරක කර්මාන්තය වේගවත් සංවර්ධන අදියරකට පිවිස තිබෙන බව ෂී ජින්පිං මහතා පෙන්වා දෙයි. ‍ලොව විශාලතම දේශීය සංචාරක වෙළඳපොළ චීනයේ බිහි ව ඇති අතර, ජාත්‍යන්තර සංචාරක කර්මාන්තයේ විශාලතම සංචාරක මූලාශ්‍රය මෙන්ම එහි ප්‍රධාන ගමනාන්තය බවට ද චීනය පත් ව තිබේ.

 නව යුගයේ නව ගමනක් ආරම්භ කිරීමේ දී චීනයේ සංචාරක කර්මාන්තයට නව අවස්ථා උදා වූ අතර, ඒ සමග නව අභියෝග ද නිර්මාණය වී ඇත. මේ හේතුවෙන් රජය හා වෙළඳපොළ, ඉල්ලුම හා සැපයුම, සුරැකීම හා සංවර්ධනය, දේශීය හා ජාත්‍යන්තර වෙළඳපොළ, සංවර්ධනය හා ආරක්ෂාව යන අංශ අතර පවතින සබඳතා මනාව සම්බන්ධීකරණය කිරීම කෙරෙහි අවධානය යොමු කළ යුතු බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි. එසේම, නවීන සංචාරක කර්මාන්ත පද්ධතිය අංගසම්පූර්ණ කරමින් බලවත් සංචාරක රටක් ගොඩනැගීමට ප්‍රයත්න දැරිය යුතු වේ. ජන ජීවිතය සුන්දර කිරීම, ආර්ථික සංවර්ධනය, චීන අනන්‍යතාව විදහා පෑම සහ අන්‍යෝන්‍ය ශිෂ්ටාචාර අධ්‍යයනය යනාදී අංශවලට හිතකර වන සේ සංචාරක කර්මාන්තය සංවර්ධනය කිරීම සුදුසු බව ද ෂී ජින් පිං මහතා කියාසිටී. රටේ විවිධ ප්‍රදේශ සහ අංශ, සිය වගකීම් ප්‍රා‍යෝගිකව තහවුරු කර, සහයෝගයෙන් යුතුව සංචාරක කර්මාන්තයේ උසස් හා ස්ථාවර සංවර්ධනය ඉදිරියට රැගෙන යාම සඳහා කැප වී ක්‍රියා කළ යුතු බව ද චීන ජනාධිපතිවරයා ප්‍රකාශ කරයි.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම