චීන-රුසියානු ජනාධිපතිවරු නව ඒකාබද්ධ ප්‍රකාශයක් පළ කරති
2024-05-16 14:53:58
Share with:

"චීන-රුසියානු රාජ්‍යතාන්ත්‍රික සබඳතාවේ 75 වැනි සංවත්සරය නිමිත්තෙන් නවයුගයේ විස්තීර්ණ උපායමාර්ගික හවුල්කාරීත්වය ගැඹුරු කිරීම පිළිබඳ ඒකාබද්ධ ප්‍රකාශය" ට අත්සන් තැබේ. චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සහ රුසියානු ජනාධිපති ව්ලැඩ්මිර් පූටින් මහතා ඊට අත්සන් තැබූහ.

මෙය සිදුකෙරුණේ රාජ්‍ය නායකයන් දෙපළ අද (16) බෙයිජිං අගනුවර දී පැවැත්වූ  සාකච්ඡාව අතරතුර යි.

රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාවය ගොඩනගා ගතවූ වසර 75 තුළ චීන-රුසියානු සම්බන්ධතාවය අසාමාන්‍ය වර්ධන තත්ත්වයක පැවති බව එම ප්‍රකාශයේ දැක්වේ. නොබැඳීම, එදිරිවාදිකම් ඇති නොකිරීම, තුන්වැනි පාර්ශ්වයකට එරෙහි නොවීම දෙරට අතර වත්මන් සම්බන්ධතාවයේ පවතින ප්‍රධාන ලක්ෂණ යි. දෙරට හැමවිටම එකිනෙකා සිය ප්‍රමුඛ සහයෝගතා හවුල්කරුවා ලෙස සලකමින්, එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය, ජාත්‍යන්තර නීතිය හා ජාත්‍යන්තර සම්බන්ධතා පිළිබඳ මූලධර්මයට අනුගතව ක්‍රියා කරයි.

එකම චීනය මූලධර්මයෙහි එල්බ සිටින බව යළිත් තහවුරු කර ඇති රුසියාව, තායිවාන ප්‍රදේශය චීන මහජන සමූහාණ්ඩුවෙන් වෙන් ‍කළ නොහැකි කොටසක් බව පිළිගනී. එසේම රුසියාව ඕනෑම ආකාරයක ‘තායිවාන බෙදුම්වාදී’ ක්‍රියාවකට එරෙහි වනු ඇත. රටේ ස්වාධිපත්‍යය හා භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කරමින් රට එක්සත් කිරීමට චීනය ගන්නා පියවරයන්ට රුසියාවේ ස්ථිර සහාය හිමි වේ. එසේම, තම ජාතික ආරක්ෂාව හා ස්ථාවරත්වය, සංවර්ධනය, සමෘද්ධිය, ස්වාධිපත්‍යය හා භෞමික අඛණ්ඩතාව සහතික කිරීමට රුසියාව ගන්නා උත්සාහයන්ට චීනය සහයෝගය දක්වයි. බාහිර බලවේග රුසියාවේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වීමේ ප්‍රයත්නයන්ට චීනය විරෝධය දක්වනු ඇත.

පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාව ගොඩනැගීම පිළිබඳව චීනය ඉදිරිපත් කළ සංකල්පය හා ගෝලීය මුලපිරුම් මාලාවට සක්‍රිය වැදගත්කමක් හිමි බව ද දෙපාර්ශ්වය අවධාරණය කරයි.

දෙරටේ ආර්ථික සමාජයීය සංවර්ධනය හා පොදු සමෘද්ධිය ප්‍රවර්ධනය කිරීමේදීත්, ලෝක ආර්ථික ස්ථාවරත්වය හා අඛණ්ඩතාව ආරක්ෂා කිරීමේදීත් චීන-රුසියානු ප්‍රායෝගික සහයෝගතා අතිශය වැදගත් සාධක ලෙස සැලකිය යුතු බව ද දෙපාර්ශ්වයේ අදහස වී තිබේ.

ලෝක වෙළඳ සංවිධානයේ රෙගුලාසි මත පදනම්ව විවෘත හා විනිවිදභාවයෙන් යුතු, වෙනස් කොට සැලකීම්වලින් තොර බහුපාර්ශ්වික වෙළඳ පද්ධතිය දෙපාර්ශ්වය විසින් ම ප්‍රවර්ධනය කෙරෙනු ඇත. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය නොසලකා, එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය හා ජාත්‍යන්තර නීති උල්ලංඝනය කරන, යුක්ති සහගත නොවන හා හෘදය සාක්ෂියෙන් තොර අත්තනෝමතික ක්‍රියා මෙන්ම ලෝක වෙළඳ සංවිධාන රෙගුලාසිවලට එරෙහි ඒකපාර්ශ්වීය පියවරයන්ට චීනය හා රුසියාව චෝදනා කර ඇත. 

සියලු න්‍යෂ්ටික අවි හිමි රටවල ගෝලීය උපායමාර්ගයේ ස්ථාවරත්වය, ආරක්ෂාව හා සාධාරණත්වය මෙන්ම මූලධර්ම අතින් එක්ව බැඳී සිටීම සහතික කළ යුතුය. උපරිම පියවර යොදා ගනිමින් න්‍යෂ්ටික අවි සහිත රටවල් අතර සෘජු යුද ගැටුම් ඇති වීම වැළැක්විය යුතු බව ද දෙපාර්ශ්වය අවධාරණය කරයි.

ඇමරිකාව සිය නිරපේක්ෂ යුද වාසි අඛණ්ඩව පවත්වා ගැනීම සඳහා උපායමාර්ගික ස්ථාවරත්වය විනාශ කිරීමට දරන උත්සාහය සම්බන්ධයෙන් දෙපාර්ශ්වයේ දැඩි කනස්සල්ල ද ප්‍රකාශයේ දැක්වේ.

ඇමරිකව, බ්‍රිතාන්‍යය, ඔස්ට්‍රේලියාව යන රටවල් තුනේ පවතින ත්‍රිපාර්ශ්වික ආරක්ෂක සබඳතාව තුළින් ආසියානු ශාන්තිකර කලාපයේ විවිධ ක්ෂේත්‍රවල උපායමාර්ගික ස්ථාවරත්වයට එල්ල වූ බලපෑම් පිළිබඳව ද චීනය හා රුසියාව දැඩි අප්‍රසාදය පළ කර ඇත. යුද බලවේග ව්‍යාප්ත කිරීම හා යුද කණ්ඩායම් ඇති කිරීම යන පියවර මගින් ඊසානදිග ආසියානු කලාපයේ බලවේග සාධාරණය වෙනස් කිරීමේ ඇමරිකාවේ බලහත්කාරී ක්‍රියාව පිළිබඳව ද දෙපාර්ශ්වය දැඩි විරෝධය පළ කර තිබේ.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම