රුසියානු ජනාධිපතිවරයා බෙයිජිං නුවරට ළඟාවෙයි
2024-05-16 08:56:31
Share with:

අද (16) අලුයම 4:00 ට පමණ රුසියානු ජනාධිපති ව්ලැඩ්මිර් පූටින් මහතා විශේෂ ගුවන් යානයකින් චීනයේ බෙයිජිං නුවර වෙත පැමිණියේය.

චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ ආරාධනයෙන් ඔහු අද (16) සහ හෙට (17) චීනයේ නිළ සංචාරයක නිරත වෙයි.

රුසියානු ජනාධිපතිවරයා ලෙස නිල වශයෙන් වැඩ භාර ගැනීමෙන් පසු ව්ලැඩිමිර් පූටින් මහතා සිදුකරන පළමු විදෙස් සංචාරය මෙයයි. එමෙන්ම පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේදී පැවති තුන්වැනි“එක් තීරයක් එක් මාවතක්” ජාත්‍යන්තර සහයෝගිතා නායක සංසදයට සහභාගී වීමෙන් පසු ඔහු චීනයට යළි පැමිණෙන අවස්ථාවද වේ.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම