අධ්‍යාපන පරිපාලන ප්‍රතිසංස්කරණවලට අදාළ චක්‍රලේඛය ළඟදීම
2024-05-16 18:59:26
Share with:

අධ්‍යාපන පරිපාලන ප්‍රතිසංස්කරණවලට අදාළ චක්‍රලේඛය ළඟදීම නිකුත් කරන බව අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

අදාළ ප්‍රතිසංස්කරණවල මූලික අදියර යටතේ දිවයින පුරා පාසල් පර්ෂද 1220ක් නිර්මාණය කර ඒවායේ අධීක්ෂණ කටයුතු සඳහා පාසල් මණ්ඩල 350 ක් නිර්මාණය කරන බව ද අමාත්‍යවරයා කියාසිටී. ඒ සඳහා වන අමාත්‍ය මණ්ඩල සංදේශය නුදුරේ දී ඉදිරිපත් කෙරෙනු ඇත. සුසිල් ප්‍රේමජයන්ත මහතා මේ අදහස් පළ කළේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් 14 වැනිදා ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

ගුරු පුරප්පාඩු මෙන්ම අධ්‍යාපන පරිපාලන සේවයේ පුරප්පාඩු සපුරාලීමට පියවර ගන්නා බව ද අමාත්‍යවරයා පැවසීය. ගුරු විද්‍යාපීඨ, විශ්වවිද්‍යාල බවට පත්කිරීමට අදාළ පනත් කෙටුම්පතේ සම්පාදන කටයුතු අවසන් කර ඇති බව ද හෙතෙම කියාසිටී.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම