තීරුබදු අයුතු ලෙස පැනවීමෙන් ඇමරිකාව පීඩනයට ලක් වනවා මිස චීන සංවර්ධනයට බාධා කළ නොහැකිය
2024-05-16 09:50:16
Share with:

ඇමරිකානු රජය පසුගිය 14 වැනිදා චීන වෙළඳ භාණ්ඩ සඳහා නව තීරුබදු පැනවීම ප්‍රකාශයට පත් කිරීම, ජාත්‍යන්තර ජනමතයේ සැකයට හා විවේචනයට ලක් වේ. ඇමරිකාව ආර්ථික හා වෙළඳ ප්‍රශ්න අඛණ්ඩව දේශපාලනීකරණය කරන අතර චීනය හා ඇමරිකාව අතර සාමාන්‍ය ආර්ථික හා වෙළඳ හුවමාරුව කඩාකප්පල් කිරීම, අදාළ කර්මාන්තවල දියුණුවට හිතකර නොවන බව විවිධ මාධ්‍යයන් විශ්වාස කරයි.

බොහෝ සීමා කිරීම් හේතුවෙන්, චීන විදුලි වාහන, ලිතියම් බැටරි සහ චිප්ස් මීට පෙර ද මහා පරිමාණයෙන් ඇමරිකානු වෙළඳපොළට ඇතුළු වී නොමැත. දැනට, විදුලි වාහන, වෛද්‍ය සැපයුම් සහ අර්ධ සන්නායක නිෂ්පාදන, ඇමරිකාවට චීනයේ සමස්ත අපනයනයෙන් 5.9%ක් පමණක් වන අතර එය චීනයේ සමස්ත අපනයනයෙන් 1%කට වඩා අඩු යැයි අදාළ දත්තවලින් පෙන්වා දී තිබේ. 2023 දී චීනයේ සිට ඇමරිකාවට අපනයනය කෙ‍රුණු විදුලි වාහන සංඛ්‍යාව 10000 කට මදක් වැඩිය. එය චීනයේ මුළු අපනයනයෙන් 1% කට වඩා අඩු ප්‍රමාණයක් වේ.

ඒ හේතුවෙන්, ජපාන "Nihon Keizai Shimbun" පුවත්පත පෙන්වා දුන්නේ, චීනයේ අදාළ කර්මාන්ත ඇමරිකානු වෙළඳපොළ මත රඳා නොපවතින අතර ඇමරිකාව චීන නිෂ්පාදන කෙරෙහි අතිරේක තීරුබදු පැනවීම චීන ව්‍යවසායන්ට ප්‍රායෝගික බලපෑමක් ඇති කිරීමට අපහසු වන බවයි.

නව බලශක්ති වැනි ක්ෂේත්‍රවලින් චීනය සමඟ තරඟ කිරීමට ඇමරිකාවට නොහැකි වීම හේතුවෙන්, සිය දේශීය සමාගම් වෙනුවෙන් වඩාත් හිතකර තරඟකාරී පරිසරයක් නිර්මාණය කිරීම සඳහා ඇමරිකානු දේශපාලනඥයන්ට චීනයේ වාසිදායක කර්මාන්ත සංවර්ධනය යටපත් කිරීමට වෙළඳ ආරක්ෂණ ක්‍රම භාවිත කිරීමට සිදුවන බව විශ්ලේෂකයන් පෙන්වා දී තිබේ.

ඇමරිකානු රජය මේ ආකාරයට ක්‍රියා කරන්නේ නම්, එය අනිවාර්යයෙන්ම ඇමරිකානු සමාගම් සහ පාරිභෝගිකයින්ට වඩාත් බරපතල හානියක් සිදු කරනු ඇත. සංඛ්‍යාලේඛනවලට අනුව, දැනට ඇමරිකාවේ දේශීය විදුලි වාහන කොටස්වලින් 30% සිට 51% දක්වා චීනයෙන් ආනයනය කරයි. චීනය කෙරෙහි අතිරේක තීරුබදු පැනවීම, විදුලි වාහන නිෂ්පාදන පිරිවැය ඉහළ නංවනු ඇති අතර, ඇමරිකානු මෝටර් රථ කර්මාන්තයේ පරිවර්තනයට හා වැඩිදියුණු කිරීමට බරපතල ලෙස බලපානු ඇතැයි ඇමරිකානු මෝටර් රථ නිෂ්පාදකයෝ කනස්සල්ලක් පළ කරති.

චීනය මර්දනය කිරීමට ඇමරිකාව සියලු උපක්‍රම භාවිත කළද, එමඟින් චීනයේ සංවර්ධනය හා පුනර්ජීවනය නැවැත්විය නොහැකි වන අතර එහි දී වඩ වඩාත් පීඩනයට පත් වන්නේ ඇමරිකාවමයි.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම