වෙඩි ප්‍රහාරයකට ලක් වූ ස්ලෝවැකියා අග්‍රාමාත්‍යවරයාගේ ජීවිතයට තර්ජනයක් නැතැයි එරට උපඅගමැති කියයි
2024-05-16 10:54:48
Share with:

වෙඩි ප්‍රහාරයකට ලක්වූ ස්ලෝවැකියානු අග්‍රාමාත්‍ය Robert Fico මහතාගේ ජීවිතයට තර්ජනයක් නොමැති බව‍ එරට උපඅග්‍රාමාත්‍යවරයා පවසයි.  Robert Fico මහතා ඊයේ (15) එරට Trenčín ප්‍රදේශයේ දී වෙඩි ප්‍රහාරයකට ලක්වූයේ එහි පැවති රැස්වීමකට සහභාගි වීමෙන් පසුව යි. වෙඩි තැබූ පුද්ගලයා 71 හැවිරිදි අයෙකු වන අතර මේ වනවිට ඔහු පොලිස් අත්අඩංගුවේ පසුවෙයි.

ප්‍රහාරයෙන් පසු Robert Fico මහතා සැත්කමකට භාජනය කෙරිණ. එම ප්‍රහාරය දැඩිව හෙළාදකින ස්ලෝවැකියා ජනාධිපතිනි Zuzana Caputova මහත්මිය, අගමැතිවරයාට ඉක්මන් සුවය පතන බව ප්‍රකාශ කළාය.

එක්සත් ජාතීන්ගේ මහලේකම් António Guterres මහතා ද එම ප්‍රහාරය දැඩි ලෙස හෙළාදකිමින් ඊයේ (15) ප්‍රකාශයක් නිකුත් කර ඇත.  

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම