“චීන-රුසියානු සංස්කෘතික වසර” වැඩසටහනේ සමාරම්භය දෙරට නායකයන්ගේ සහභාගිත්වයෙන්
2024-05-16 17:43:56
Share with:

“චීන-රුසියානු සංස්කෘතික වසර” වැඩසටහනේ සමාරම්භක උත්සවයට චීන හා  රුසියානු නායක දෙපළ එක්වෙති. 

“චීන -රුසියානු සංස්කෘතික වසර” වැඩසටහනේ සමාරම්භය මෙන්ම චීන-රුසියානු රාජ්‍යතාන්ත්‍රික සබඳතාවයේ 75 වැනි සංවත්සරය නිමිත්තෙන් විශේෂ සංගීත ප්‍රසංගයක් අද (16) පස්වරුවේ බෙයිජිං නගරයේ චීන ජාතික රඟහලේ දී පැවැත්විණ. 

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා සහ රුසියානු ජනාධිපති ව්ලැඩ්මිර් පූටින් මහතා එම අවස්ථාවට එක්ව දේශන ඉදිරිපත් කළහ. 2024 වසරේ මැයි මාසයේ සිට 2025 වසරේ මැයි මාසය දක්වා චීන - රුසියානු සංස්කෘතික වසර වැඩසටහන පැවැත්වීම සම්බන්ධයෙන් පසුගිය වසරේ පූටින් මහතා සමඟ සාකච්ඡා කළ බව ෂී ජින්පිං මහතා එහිදී සඳහන් කළේය. දෙපාර්ශ්වය අද (16) දිනයේ එම සංස්කෘතික උත්සවය නිල වශයෙන් ආරම්භ කර ඇත.  චීන-රුසියානු මිත්‍රත්වය පාරම්පරිකව පවත්වා ගනිමින්, දෙරට ජනතාව අතර අන්‍යෝන්‍ය අවබෝධය ප්‍රවර්ධනය කිරීමට නව ශක්තියක් එමගින් සැපයෙනු ඇතැයි ද හෙතෙම විශ්වාසය පළ කළේය.

රුසියානු ජනතාව හා චීන ජනතාව අතර සහෝදරත්වයක් පවතින බව ව්ලැඩ්මිර් පූටින් මහතා එම අවස්ථාවේදී ප්‍රකාශ කළේය. චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වය යටතේ චීන ජනතාව ලබා ගත් ශ්‍රේෂ්ඨ ජයග්‍රහණ පිළිබඳව රුසියානු ජනතාව හෘදයාංගම සතුටකින් සිටින අතර ඒ පිළිබද ඔවුහූ ප්‍රශංසා පළ කරති. රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා ගොඩනගා ගතවූ වසර 75ක් තුළ ද්විපාර්ශ්වික සම්බන්ධතාවයෙහි මහඟු අත්දැකීම් රැසක් ලබා ගැනීමට හැකිය. දැනට එය ඉතිහාසයේ හොඳම කාල පරිච්ඡේදයේ පසු වේ. 

අන්‍යෝන්‍ය ගරුත්වය, සමානාත්මතාව හා අන්‍යෝන්‍ය විශ්වාසය මත ගොඩනැගුණු රුසියා චීන සම්බන්ධතාවය සිය රටේ සංවර්ධනය ප්‍රවර්ධනය‍ට දායකවූ අතර දෙරටේ ජනතාවටත් සුබසෙත ගෙන දී තිබේ. එය ජාත්‍යන්තර සම්බන්ධතාව‍යේ ආදර්ශයක් බවට පත්ව ඇත. රුසියා චීන සම්බන්ධතාවය පිහිටුවී‍මේ 75වැනි සංවත්සරය නිමිත්තෙන් රුසියා චීන සංස්කෘතික වසර ක්‍රියාකාරකම් පැවැත්වීම, ඉතා වැදගත්ය. චීන පාර්ශ්වය සමග මානව හා සංස්කෘතික හුවමාරු මෙන්ම අන්‍යෝන්‍ය අවබෝධය වැඩිදියුණු කරමින් දෙරටේ සහයෝගතා අඛණ්ඩව ඉදිරියට ගෙන යාම පෙළඹවීමට රුසියාව කැමැත්තෙන් සිටින බව ද පූටින් ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240726සකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම