චීන අග්‍රාමාත්‍යවරයා සහ චීන- බ්‍රිතාන්‍ය ව්‍යාපාරික කවුන්සලයේ නියෝජිත පිරිසක් අතර හමුවක්
2024-05-16 10:15:36
Share with:

චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යන් මහතා චීන- බ්‍රිතාන්‍ය ව්‍යාපාරික කවුන්සලයේ නියෝජිත පිරිසක් හමුවෙයි. එම කවුන්සලයේ සභාපති ෂෙරාඩ් කොව්පර් කෝල්ස් මහතාගේ ප්‍රධානත්වයෙන් එම නියෝජිත පිරිස චීනයට පැමිණ තිබේ.

එම  හමුවේදී අදහස් දැක්වූ චීන අගමැති ලී ච්‍යන් මහතා සඳහන් කළේ චීනය විදේශ ආයෝජන වෙනුවෙන් වෙළඳපොල ප්‍රවේශය හා සේවා සහතිකත්වය තවදුරටත් පුළුල් කරන බවයි. චීන-බ්‍රිතාන්‍ය ව්‍යාපාරික කවුන්සලයේ 70වන සංවත්සරය වෙනුවෙන් හෙතෙම එහිදී සුබ පැතුම් ද පිරිනැමීය. චීන බ්‍රිතාන්‍ය සබඳතා වර්ධනය වෙනුවෙන් එම සංවිධනය දක්වන කැපවීමද චීන අගමැතිවරයාගේ ඇගයීමට ලක්විය. රටවල් දෙක අතර ද්වීපාර්ශ්වික වෙළඳාම හා දෙරට අතර සංනිවේදනයේ හා සංවාදයේ පාලමක් ලෙසට එම සංවිධානය‍ ඓතිහාසික කාර්යභාරයක් ඉටු කර තිබේ. බ්‍රිතාන්‍යය සමග සබදතාවට චීනය ඉහළ වැදගත්කමක් ලබා දෙයි. එරට සමග සංවාද වර්ධනය කරමින් එකිනෙකාගේ කේන්ද්‍රීය හා ප්‍රධාන සැලකිල්ලට ලක්වන කරුණු සම්බන්ධයෙන් ගරුකර සහයෝගතා පුළුල් කිරීමට චීනය කැමැත්තෙන් සිටින බවද හෙතෙම කීය.

බ්‍රිතාන්‍ය සමග ආර්ථික හා වෙළඳ හුවමාරු වර්ධනයට චීනය අපේක්ෂා කරයි. බ්‍රිතාන්‍ය සමග මූල්‍ය,නව බලශක්ති ,ජෛවවෛද්‍ය ,ඩිජිටල් ආර්ථික සහ සෙසු ක්ෂේත්‍රවල සබඳතා වර්ධනයට ද චීනය අපේක්ෂා කරන බවද හෙතෙම සඳහන් කළේය.

එහිදී අදහස් දැක්වූ චීන-බ්‍රිතාන්‍ය ව්‍යාපාරික කවුන්සලයේ සභාපති ෂෙරාඩ් කොව්පර් කෝල්ස් මහතා පැවසුවේ ප්‍රතිස්සංකරණ හා විවෘතභාවය ප්‍රවර්ධනයට හා ඉහළ ගුණාත්මක සංවර්ධනය වෙනුවෙන් තම සංවිධනය චීනයට සහාය වන බවයි. බ්‍රිතාන්‍ය චීන සබඳතා සහ ද්වීපාර්ශ්වික සහයෝගතා වර්ධනයට චීන-බ්‍රිතාන්‍ය ව්‍යාපාරික කවුන්සලය තවදුරටත් සිය සම්බන්ධතා මෙහෙවර ඉටු කරනු ඇතැයිද හෙතෙම කීය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම