පිලිපීනය අයුතු ලෙස ක්‍රියා කළහොත් තම අයිතිවාසිකම් උදෙසා අත්‍යවශ්‍ය ප්‍රතිචාර දක්වන බව චීනය කියයි
2024-05-16 16:01:22
Share with:

පිලිපීනය අයුතු ලෙස ක්‍රියා කළහොත් අත්‍යවශ්‍ය ප්‍රතිචාර දක්වා සිය නීත්‍යනුකූල අයිතිවාසිකම් දැඩි ලෙස සුරක්ෂිත කිරීමට පියවර ගන්නා බව චීනය පවසයි. 

චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක වං වෙන්බින් මහතා අද (16) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේ දී මේ බව ප්‍රකාශ කළේය. 

පිලිපීන විදේශ අමාත්‍යාංශය පසුගිය දා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ රාජ්‍යතාන්ත්‍රික කටයුතු උල්ලංඝනය කිරීම පිළිබඳ සැකසහිත රාජ්‍යතාන්ත්‍රික නිලධාරින්ගේ ක්‍රියා විමර්ශනය කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවයි. පසුගිය සතියේ පිලිපීනයේ චීන තානාපති කාර්යාලය, Ren’ai දූපතේ තත්ත්වය පාලනය කිරීම පිළිබඳ ශ්‍රව්‍ය පිටපතක් ප්‍රසිද්ධ කිරීමේ සිද්ධියට අදාළව එම නිවේදනය නිකුත් කෙරුණු බවට ඇතැම් මාධ්‍ය අදහස් දක්වා තිබිණ. මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් වං වෙන්බින් මහතා ඉහත අදහස් පළ කළේය. 

චීන තානාපති කාර්යාලය අනාවරණය කළ කරුණු සැබෑ සාක්ෂි ය. චීනය සමඟ එළඹුණු ගිවිසුම් හා අවබෝධතා මෑත වසර කිහිපය තුළ උල්ලංඝනය කරමින් සිටින පිලිපීනය‘දකුණු චීන මුහුදු ප්‍රශ්නයට සම්බන්ධ පාර්ශ්වයන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳ ප්‍රකාශනයේ’සඳහන් දැක්මටත් එරෙහිව යමින් නිරතුරුව චීනයේ නීත්‍යනුකූල අයිතිවාසිකම්වලට තර්ජන එල්ල කර ඇත. බාහිර බලවේගයන් හි උසිගැන්වීම් මත එවැනි ගැටුම් ඇති කරන පිලිපීනය දකුණු චීන මුහුදේ නොසන්සුන්කාරී තත්ත්වය වර්ධනය කර තිබේ. සැබෑ සාක්ෂි නිසි ආකාරයෙන් සලකා සිය ප්‍රතිඥා අනුගමනය කරමින් අනිසි ක්‍රියා වහාම නතර කරන ලෙසත්, සාකච්ඡා මගින් මතභේද විසඳා ගන්නා නිවැරදි මාර්ගයට පිවිසෙන ලෙසත් චීනය පිලිපීනයෙන් ඉල්ලා සිටින බව ද වං වෙන්බින් මහතා ප්‍රකාශ කළේය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම