“චීන නිෂ්පාදිතයන්හි අධිධාරිතාවක් පවතී” යන ප්‍රකාශයේ පදනම් විරහිතභාවය චීන වාණිජ අමාත්‍යාංශය පෙන්වාදෙයි
2024-05-16 19:31:49
Share with:

 “චීන නිෂ්පාදිතයන්හි අධිධාරිතාවක් පවතී” යන්න පදනම් විරහිත, අසත්‍ය ප්‍රකාශයක් බව චීන වාණිජ අමාත්‍යාංශය ප්‍රකාශ කරයි. 

එම අමාත්‍යාංශ ප්‍රකාශක He Yadong මහතා අද (16) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේ දී මේ බව ප්‍රකාශ කළේ, අදාළ ඊනියා ප්‍රකාශය සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. සාමාන්‍ය පිළිගැනීමට අනුකූල නොවන එකී අදහස සම්පූර්ණ අසත්‍යයක් බව ද හෙතෙම කියාසිටියේය.

වත්මන් ලෝක ආර්ථීකය වෙන් කළ නොහැකි, එකම පද්ධතියකි. නිෂ්පාදනය හා පරිභෝජනය ගෝලීයකරණය වී තිබේ.රටක නිෂ්පාදන ධාරිතාව දේශීය අවශ්‍යතාව ඉක්මවා ගිය පමණින් එය  “අතිරික්තයක්” ලෙස අර්ථ දැක්විය නොහැකිය. සමස්ත වශයෙන් ගත් කල ගෝලීය නව බලශක්ති කර්මාන්තය තවමත් ආරම්භක ස්ථානයක පවතින අතර, එය ශීඝ්‍රයෙන් සංවර්ධනය වීමේ අදියරකට එළඹෙමින් පවතී. අදාළ කර්මාන්තයේ නිෂ්පාදන ධාරිතාව අතිරික්තයක් නොවන අතර එය ගෝලීය ඉල්ලුමට සාපේක්ෂව ප්‍රමාණවත් නොමැති බව ද චීන වාණිජ්‍ය අමාත්‍යාංශ ප්‍රකාශකයා පෙන්වා දුන්නේය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම