නව නීති පද්ධතියක් සමග නව දේශපාලන සංස්කෘතියක් රට තුළ ගොඩනගන බව ජනපති කියයි
2024-05-16 19:00:09
Share with:

පසුගිය දෙවසරක කාලය තුළ පමණක්, නව නීති 75 ක් සම්මත කර ගැනීමට රජය කටයුතු කළ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඒ අනුව, නව නීති පද්ධතියක් සමග නව දේශපාලන සංස්කෘතියක් රට තුළ ගොඩනගන බව ද හෙතෙම අවධාරණය කරයි.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ තෙල්දෙණිය නව අධිකරණ සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ  (15) එක්වෙමිනි.

රටක ස්ථාවරත්වය රැඳී පවතින්නේ නීතිය නිසි ලෙස ක්‍රියාත්මක වීම මත යි. එසේම, කිසියම් රටකට ජාත්‍යන්තර පිළිගැනීමක් හිමිවන්නේ ද නීති පද්ධතියේ ක්‍රියාකාරිත්වය අනුව බව ද ජනාධිපතිවරයා කියා සිටියේය.

ශත වර්ෂයකට පමණ පසුව නීති ක්ෂේත්‍රයේ නව ප්‍රතිසංස්කරණ රැසක් සිදුකර ඇති බවත්, නීතියේ ආධිපත්‍යය සුරකිමින් නව ආර්ථික පරිවර්තනය සහතික කිරීමට පියවර ගන්නා  බවත් වික්‍රමසිංහ මහතා එහිදී පැවසීය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම