අරාබි රාජ්‍ය ලීගයේ ප්‍රධානීන්ගේ කවුන්සිලයේ 33 වැනි සමුළුවට චීන ජනපතිගෙන් සුබපැතුම්
2024-05-16 21:03:04
Share with:

බහරේනයේ මනාමා අගනුවර පැවැත්වන අරාබි රාජ්‍ය ලීගයේ ප්‍රධානීන්ගේ කවුන්සිලයේ 33 වැනි  සමුළුවට චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සුබ පැතුම් පිරිනමයි. සමුළුවේ වාරික සභාපතිත්වය දරන බහරේනයේ Hamad bin Isa Al Khalifa රජු වෙත එම සුබ පැතුම් ලිපිය අද (16) යොමු කරනු ලැබීය.

චීන-අරාබි සබඳතාව මේ වනවිට ඉතිහාසයේ හොඳම කාල පරිච්ඡේදයේ පවතින බව ෂී ජින් පිං මහතා අවධාරණය කරයි. අරාබි රටවල් සමඟ එක්ව ද්විපාර්ශ්වික මිත්‍රත්වය අඛණ්ඩව ඉදිරියට ගෙන යමින්, පොදු ඉරණමක් සහිත ඉහළ මට්ටමේ චීන-අරාබි ප්‍රජාවක් ගොඩනැගීමට දායක වීම චීනයේ අපේක්ෂාව බව ද ඔහු කියාසිටී.

මෙම මස අග දී චීන-අරාබි රාජ්‍ය සහයෝගිතා සංසදයේ 10 වැනි අමාත්‍ය සමුළුව බෙයිජිං නුවර දී පැවැත්වීමට නියමිතය. එමගින් විවිධ ක්ෂේත්‍රවල සහයෝගිතා තවදුරටත් පුළුල් වෙමින් ජනතාවට ඉහළ ප්‍රතිලාභ ලබා දීමට දෙපාර්ශ්වය සමත් වනු ඇතැයි ෂී ජින් පිං මහතා සිය ලිපියෙන් අපේක්ෂා පළ කර ඇත.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම