පස්වන චීන-පාකිස්ථාන විදේශ අමාත්‍යවරුන්ගේ උපාමාර්ගික සංවාදය පැවැත්වේ
2024-05-16 10:51:42
Share with:

චීන විදේශ අමාත්‍ය Wang Yi මහතා, පාකිස්ථාන නියෝජ්‍ය අගමැති සහ විදේශ අමාත්‍ය Ishaq Dar මහතා සමඟ පස්වන චීන-පාකිස්ථාන විදේශ අමාත්‍යවරුන්ගේ උපායමාර්ගික සංවාදය ඊයේ(15) බෙයිජිං නගරයේදී පැවැත්වීය.

දෙරටේ රාජ්‍ය නායකයින් විසින් ඇති කරගත් වැදගත් සම්මුතිය ක්‍රියාවට නැංවීමට, චීන-පාකිස්ථාන සෑම කල්හිම උපායමාර්ගික සහයෝගිතා හවුල්කාරිත්වය නව මට්ටමට ප්‍රවර්ධනය කිරීමට සහ නව යුගයේ වඩා සමීප පොදු ඉරණම සහිත චීන-පාකිස්ථාන ප්‍රජාවක් ගොඩනැගීම වේගවත් කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව Wang Yi මහතා පැවසීය.

එකම චීනය යන මූලධර්මය පාකිස්ථානය අනුගමනය කරන බවත් චීනයේ මූලික අවශ්‍යතා සම්බන්ධ සියලු කාරණාවලදී පැකිළිමකින් තොරව චීනයට දැඩි ලෙස සහාය දෙන බවත්, දෙරට අතර විවිධ ක්ෂේත්‍රවල ප්‍රායෝගික සහයෝගතාව තවදුරටත් ගැඹුරු කිරීමට බලාපොරොත්තු වන බවත් Ishaq Dar මහතා පැවසීය. පාකිස්ථානයේ සිටින චීන ජාතිකයන්ගේ සහ ආයතනවල ආරක්ෂාව සහතික කිරීමට සෑම උත්සාහයක්ම දරනු ඇති බව ද ඔහු සඳහන් කළේය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම