ජනපති 10 වැනි ලෝක ජල සමුළුවේ ඉහළ පෙළේ හමුවට
2024-05-16 18:58:31
Share with:

  

ඉන්දුනීසියාවේ පැවැත්වෙන 10 වැනි ලෝක ජල සමුළුවේ ඉහළ පෙළේ හමුවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගි වන බව  ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

එම හමුව මැයි 18 වැනිදා සිට 25 වැනිදා දක්වා ඉන්දුනීසියාවේ බාලි දුපතේ දී පැවැත්වෙයි. ඒ අනුව ජනාධිපතිවරයා දිවයිනෙන් පිටත්ව යනු ඇත.

රනිල් වික්‍රමසිංහ මහතා එම සමුළුවට එක්වන්නේ ඉන්දුනීසියානු ජනාධිපති ජොකෝ විඩෝඩෝ මහතාගේ ආරාධනයක් අනුව යි. 20 වැනිදා පැවැත්වෙන එම සමුළුවේ ඉහළ පෙළේ හමුවේ දී ජනාධිපතිවරයා විශේෂ ප්‍රකාශයක් කිරීමට ද නියමිත ය.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම