අවිනිශ්චිත ගෝලීය වටපිටාව තුළ චීන ජනාධිපතිවරයා සිදු කළ යුරෝපා සංචාරය කාලීන වශයෙන් වැදගත් සුවිශේෂී සංචාරයක්
2024-05-16 09:30:20
Share with:

චීන ජනාධිපති  ෂී ජින් පිං මහතා පසුගිය දා සිදු කළ යුරෝපා සංචාරය අංශ ගණනාවකින් සාර්ථක සංචාරයක් බව ශ්‍රී ලංකා ආර්ථික විද්‍යාඥයන්ගේ සංගමයේ සභාපති, කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යායනාංශයේ මහාචාර්ය විජිතපුරේ විමලරතන හිමියෝ පවසති.

එම සංචාරයේ ප්‍රථම ගමනාන්තය වූ ප්‍රංශයට සුවිශේෂී වැදගත්කමක් හිමිවෙයි. ඒ චීන මහජන සමූහාණ්ඩුව පිහිටුවීමෙන් පසු චීනය සමග රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා ප්‍රථමයෙන් ස්ථාපිත කළ විශාල බටහිර රට වන්නේ ප්‍රංශය වීමය.  චීනය හා ප්‍රංශය අතර පවතින දිගුකාලීන සබඳතාව මෙවර සංචාරය තුළින් යළි පිළිබිඹු විය.

එහිදී චීන හා ප්‍රංශ නායකයන් අතර එළඹි එකඟාවන් තුළින්   චීනය සහ යුරෝපය අතර වෙළඳ සබඳතාවන්ට ඉදිරියේ දී ධනාත්මක බලපෑමක් එල්ල කරනු ඇතැයි තම හැඟීම බව ආර්ථික විද්‍යාඥයන්ගේ සංගමයේ සභාපති, කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යායනාංශයේ මහාචාර්ය  විජිතපුරේ විමලරතන හිමියේ සඳහන් කරති.

චීනය හා ප්‍රංශය අතර දේශපාලන විශ්වසනීයත්වය වඩාත් තහවුරු කරමින් ආර්ථික හා වෙළඳ සහ‍‍‍යෝගිතා තවදුරටත් ඉදිරියට ගෙන යාමට එය පිටුවහලක් වන බවද උන්වහන්සේ පවසති. චීන‍ යුරෝපා සබඳතා තහවුරු කර ගැනීම සමස්තයක් ලෙසට ගෝලීය ආර්ථිකයට ද සුවිශේෂී වැදගත්කමක් හිමිවන බව උන්වහන්සේ ගේ අදහස වී තිබේ.‍ රටවල් රැසකින් සැදුම්ලත් යුරෝපයත් ‍ලොව දෙවන විශාලතම ආර්ථිකය වශයෙන් චීනයත් සම්බන්ධවන ආර්ථික ක්‍රියාවලියක් නිසැකවම ශක්තිමත් ආර්ථික ප්‍රවාහයකි. වත්මන් අවිනිශ්චිත ගෝලීය වටපිටාව තුළ චීන ජනාධිපතිවරයා සිදු කළ යුරෝපා සංචාරයේ වැදගත්කම මෙම කරුණු තුළින් වඩාත් ඉස්මතුවන බවද කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යායනාංශයේ මහාචාර්ය විජිතපුරේ විමලරතන හිමියෝ සඳහන් කරති.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම