රුසියානු-චීන සහයෝගීතාවය ජාත්‍යන්තර සමබරතාවයට වැදගත් භූමිකාවක්
2024-05-15 11:21:56
Share with:

රුසියානු-චීන සහයෝගීතාව ජාත්‍යන්තර කටයුතු තුලනාත්මකව පවත්වාගෙන යාමට වැදගත් භූමිකාවක් ඉටු කරන බව රුසියානු විදේශ අමාත්‍ය Sergey Lavrov මහතා ඊයේ(14) ප්‍රකාශ කළේය.

Lavrov මහතා එදින රුසියානු පාර්ලිමේන්තුවේ ඉහළ මන්ත්‍රී මණ්ඩලයේ පූර්ණ රැස්වීමේදී පැවසුවේ රුසියානු ජනාධිපති Vladimir Putin මහතාගේ එළඹෙන චීන නිල සංචාරය දෙරට අතර සහයෝගීතාව ශක්තිමත් කරනු ඇති බවයි. වඩාත් සාධාරණ හා ප්‍රජාතන්ත්‍රවාදී ලෝක පිළිවෙල ගොඩනැගීම සඳහා රුසියාව චීනය සමඟ එක්ව කටයුතු කිරීමට කැමැත්තෙන් සිටින බව හෙතෙම සඳහන් කළේ ය.

ජාත්‍යන්තර පද්ධතියේ ප්‍රතිසංස්කරණ සහ බහු ධ්‍රැවීය ලෝක පිළිවෙල ගොඩනැගීම ප්‍රවර්ධනය කිරීමට රුසියාව සහ චීනය කැප වී වැඩ කරන බවද Lavrov මහතා පැවසීය.

ගුවන් විදුලිය
20240726සකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම