අමාත්‍යංශ 10 ක සංවර්ධන ඉලක්ක සපුරාගැනීමේ වගකීම ලේකම්වරුන් වෙත පැවරේ
2024-05-15 17:21:19
Share with:

ප්‍රතිඵල පාදක කළමනාකරණය රාජ්‍ය අංශයට හඳුන්වා දීමට රජය පියවර ගනී. මේ සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි ව තිබේ.

මේ යටතේ ඉහළ අයවැය ප්‍රතිපාදන ප්‍රමාණයක් වෙන්කෙරෙන අමාත්‍යාංශ 10 ක සහ ඒ යටතේ පවතින ආයතන සඳහා ‘අමාත්‍යාංශ ප්‍රතිඵල රාමු’ සකස් කර ඇත. ව්‍යාපෘති කළමනාකරණ හා අධීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඒවා සකසනු ලැබ ඇත. අදාළ ආයතනයන් හි විෂය පථයන් පිළිබඳ සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කිරීම සහ ප්‍රතිලාභ දිනාගැනීම මෙම ප්‍රතිඵල රාමු මගින් සහතික කෙරෙනු ඇත.

එසේ ම, ජනතා අවශ්‍යතා කඩිනමින් ඉටුකිරීමේ ඵලදායීතාව ද නැංවීමට අපේක්ෂිත යි.

‘අමාත්‍යාංශ ප්‍රතිඵල රාමු’යටතේ ඉලක්ක සාක්ෂාත් කරගැනීමේ වගකීම අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත පැවරීමටත්, එම කටයුතුවල කාර්යසාධන අධීක්ෂණය කිරීම ජාතික මෙහෙයුම් මැදිරිය වෙත පැවරීමටත් රජය තීරණය කර තිබේ.

ගුවන් විදුලිය
20240727සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම