සොලමන් දූපත් රාජ්‍යයේ නව විදේශ අමාත්‍යවරයාට චීන විදේශ අමාත්‍යවරයාගෙන් සුබ පැතුම්
2024-05-15 16:48:36
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ සාමාජික, විදේශ අමාත්‍ය වං යී මහතා සොලමන් දූපත් රාජ්‍යයේ නව විදේශ අමාත්‍ය Peter Shanel Agovaka මහතා වෙත සුබ පැතුම් පිරිනමයි. රාජ්‍යතාන්‍ත්‍රික සම්බන්ධතාවය පිහිටුවා ගෙවී ගිය වසර පහ තුළ දෙරට නායකයන්ගේ මෙහෙයවීම යටතේ දේශපාලන විශ්වාසය අඛණ්ඩව පුළුල් වූ අතර, අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සහිත සහයෝගතා සරු ප්‍රතිඵල දිනා ඇතැයි ඊයේ (14) නිකුත් කෙරුණු එම සුබ පැතුම් පණිවිඩයේ දැක්වේ. 

එකිනෙකාට ගරු කරන, ඒකාබද්ධ සංවර්ධනයක් සහිත අංගසම්පූර්ණ උපායමාර්ගික හවුල්කාරීත්වයක් දෙපාර්ශ්වය ගොඩනගා ඇති අතර, එය දෙරට ජනතාවට සුබසෙත සලසා කලාපීය සාමය, ස්ථාවරත්වය හා සමෘද්ධිය ද ප්‍රවර්ධනය කර ඇත. සොලමන් දූපත් රාජ්‍යය සමග පවතින සම්බන්ධතාව වැදගත් කොට සලකන චීනය, විවිධ ක්ෂේත්‍රයන්හි ප්‍රායෝගික සහයෝගතා ප්‍රශස්ත සංවාද ඔස්සේ ඉදිරියට රැගෙන යාමට අපේක්ෂා කරයි. එමෙන්ම ගෝලීය හා කලාපීය ප්‍රශ්න පිළිබඳ සම්බන්ධීකරණය ශක්තිමත් කර ද්විපාර්ශ්වික සම්බන්ධතාව නව තලයකට නංවාලීමට චීනය සූදානම් බව ද වං යී මහතා එහිදී ප්‍රකාශ කළේය. 

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම