චීන-ඇමරිකා අන්තර් රාජ්‍ය සංවාදයේ පළමු සමුළුව පැවැත්වේ
2024-05-15 10:07:51
Share with:

කෘත්‍රිම බුද්ධිය පිළිබඳ චීන-ඇමරිකා අන්තර් රාජ්‍ය සංවාදයේ පළමු සමුළුව ඊයේ (14) ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී පැවැත්විය. කෘත්‍රිම බුද්ධිය පිළිබඳ තාක්‍ෂණයේ අවදානම්, ගෝලීය පාලනය සහ අදාළ අවධානයට  යොමු වන අනෙකුත් කරුණු පිළිබඳව ද එහිදී දෙපාර්ශ්වය ගැඹුරින් අදහස් හුවමාරු කර ගත්හ.

කෘත්‍රිම බුද්ධි තාක්‍ෂණයේ අවදානම් සම්බන්ධ පාලන ක්‍රියාමාර්ග මෙන්ම කෘත්‍රිම බුද්ධියෙන් සවිබල ගන්වන ලද ආර්ථික හා සමාජීය සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව දෙපාර්ශ්වයම අදහස් ප්‍රකාශ කර ඇත. එමෙන්ම කෘත්‍රිම බුද්ධියේ ගෝලීය පාලනය ශක්තිමත් කිරීමට චීනය සහය දක්වා ඇති අතර, ප්‍රධාන සාමාජිකයෙක් ලෙස එක්සත් ජාතීන්ගේ භූමිකාවට පූර්ණ සහයෝගයක් ලබා දෙමින් ඇමරිකාව ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාව සමඟ සන්නිවේදනය සහ සම්බන්ධීකරණය ශක්තිමත් කිරීමට ද චීනය අපේක්ෂා කරයි. කෘත්‍රිම බුද්ධි ක්ෂේත්‍රය කෙරෙහි ඇමරිකාවේ සීමා කිරීම් සහ චීනය මර්දනය කිරීම සම්බන්ධයෙන් චීනය සිය දැඩි ස්ථාවරය ද ‍මෙහිදී ප්‍රකාශ කර ඇත.

කෘත්‍රිම බුද්ධි තාක්‍ෂණයේ දියුණුව තුළින් අවස්ථා මෙන්ම අවදානම් ද ඇති වන බව දෙපාර්ශ්වයම හඳුනා ගත් අතර, සැන් ෆ්‍රැන්සිස්කෝ හි දී රාජ්‍ය නායකයන් දෙදෙනා විසින් ඇති කර ගත් වැදගත් එකඟතාවන් ක්‍රියාවට නැංවීම සඳහා ඔවුන්ගේ අඛණ්ඩ කැපවීම ද නැවත අවධාරණය කළහ.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම