චීන මහා ප්‍රාකාරය සුරැකීමේ වැදගත්කම චීන ජනපති අවධාරණය කරයි
2024-05-15 18:14:20
Share with:

 චීන ජනාධිපති ෂී ජින්පිං මහතා චීන මහා ප්‍රාකාරයේ කොටසක් පිහිටා ඇති බෙයිජිං හි බාඩාලිං උපනගරයේ ‘ෂීශ්‍යා’ ගම්මානයේ වැසියන්ට පිළිතුරු ලිපියක් යොමුකරයි.  14 වැනිදා නිකුත් කෙරුණු ලිපියෙන් එහි ජනතාවට සුබ පැතුම් එක් කරන ජනාධිපතිවරයා චීන මහා ප්‍රාකාර සංරක්ෂණය පිළිබඳ අපේක්ෂාවන් ද සඳහන් කර ඇත.

චීන මහා ප්‍රාකාරය චීන ජාතිය හා චීන ශිෂ්ටාචාරය පිළිබඳ වැදගත් සංකේතයකි. උද්‍යෝගිවත්භාවය, අධිෂ්ඨානය සහ සමගිය හා බැඳුණු දේශප්‍රේමී හැඟීමක් ඉන් උද්දීපනය කෙරේ. එම ඓතිහාසික උරුමය ආරක්ෂා කර අනාගතයට උරුම කර දීම සමස්ත චීන ජාතිකයන් වෙත පැවරෙන පොදු වගකීමකි. ජනතාව තම නිවෙස් සුරකින ආකාරයෙන් ම මහා ප්‍රාකාරය ආරක්ෂා කරමින් ඒ පිළිබඳ සංස්කෘතිය ද ප්‍රචලිත කිරීමට අඛණ්ඩ උත්සාහයන් හි නිරත වනු දැකීම තම අපේක්ෂාව බව ෂී ජින්පිං මහතා තම ලිපියේ සඳහන් කර තිබේ. එසේම චීන මහා ප්‍රාකාරය පිළිබඳ ජනතාවගේ අවබෝධය හා ආරක්ෂා කිරීමේ ආකල්ප වැඩිදියුණු කර, එහි පාරම්පරික පැවැත්ම තහවුරු කළ යුතු වේ.  එමගින් බලවත් සංස්කෘතික සමාජවාදී රටක් ගොඩනැගීමට මෙන්ම චීන මාදිලියේ නවීකරණයට දායක වීමට ඔවුන් පෙළගැසෙනු ඇතැයි බලාපොරොත්තු වන බව ද ෂී ජින්පිං මහතා අවධාරණය කර ඇත.  

ගුවන් විදුලිය
20240726සකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම