‘චීන මාදිලියේ නවීකරණය පිළිබඳ ෂී ජින්පිං ගේ ප්‍රකාශ සංග්‍රහයේ’ රුසියානු භාෂා පරිවර්තනය එළිදකී
2024-05-15 20:50:03
Share with:

‘චීන මාදිලියේ නවීකරණය පිළිබඳ ෂී ජින්පිං ගේ ප්‍රකාශ සංග්‍රහයේ’ රුසියානු භාෂා පරිවර්තනය එළිදැක්වෙයි.

 චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ පක්ෂ ඉතිහාසය හා ලේඛන පර්යේෂණායතනයේ පරිවර්තනයක් වන මෙම කෘතිය මධ්‍යම සම්පාදන හා පරිවර්තන මුද්‍රණාලය විසින් පසුගිය දා ප්‍රකාශයට පත් කර දෙස්-විදෙස් වශයෙන් බෙදාහරිනු ලැබීය.

2012 වසරේ නොවැම්බර් මාසයේ සිට 2023 වසරේ ඔක්තෝබර් මාසය දක්වා කාලය තුළ, චීන මාදිලියේ නවීකරණය පිළිබඳව ෂී ජින්පිං මහතා කළ විග්‍රහ මෙම ග්‍රන්ථයට ඇතුළත් වේ.  මෙම ග්‍රන්ථයේ ඉංග්‍රීසි හා ප්‍රංශ භාෂා පරිවර්තන දෙක මීට පෙර එළිදක්වනු ලැබීය. 

එමගින් විදේශීය පාඨකයන්ට චීන මාදිලියේ නවීකරණයට අදාළ න්‍යාය පද්ධතිය හා ප්‍රායෝගික ක්‍රියාකාරීත්වය පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබාගත හැකිවීම විශේෂත්වයකි.

ගුවන් විදුලිය
20240727සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම