තම නිෂ්පාදන මත පැනවූ අතිරේක තීරුබදු වහාම අවලංගු කරන්නැයි චීනය ඇමරිකාවෙන් ඉල්ලයි
2024-05-15 18:23:42
Share with:

චීන භාණ්ඩ මත පනවා ඇති තීරුබදු තවදුරටත් වැඩි කිරීම ඇමරිකාවේ වැරදි ක්‍රියාවක් බව චීනය පවසයි.

චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Wang Wenbin මහතා මේ බව පැවසුවේ අද (15) පැවති මාධ්‍ය හමුවක දී ය. ආර්ථික හා වෙළඳ ප්‍රශ්න දේශපාලනීකරණය කරන ඇමරිකාවේ එම ක්‍රියාවලිය ආනයනික භාණ්ඩ පිරිවැය ඉතා වැඩි කරන අතර, ඇමරිකාවේ සමාගම් සහ පාරිභෝගිකයන් පවා දැඩි අපහසුතාවයට පත් කරන බව ද ඔහු කියාසිටියේය.

ඇමරිකාවේ මෙම ආරක්ෂණවාදී පියවර ගෝලීය සැපයුම් දාමයේ ආරක්ෂාවට සහ ස්ථාවරත්වයට ද විශාල හානියක් සිදුකරනු ඇති බව Wang Wenbin මහතා පෙන්වා දුන්නේය. චීනයට පනවා ඇති අතිරේක තීරුබදු වහාම අවලංගු කරන ලෙසත්, ලෝක වෙළඳ සංවිධානයේ නීති අනුමගනය කරන ලෙසත් චීනය ඇමරිකාවෙන් ඉල්ලා සිටින බව ඔහු ‍ පැවසීය.

මේ අතර, චීන විදේශ අමාත්‍ය වං යී මහතා සහ පාකිස්ථානයේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය මෙන්ම විදේශ අමාත්‍ය Ishaq Dar මහතා අද (15) බෙයිජිංහිදී පස්වැනි චීන-පාකිස්ථාන විදේශ අමාත්‍යවරුන්ගේ උපායමාර්ගික සංවාදය පැවැත්වූහ. සංවාදයෙන් පසුව පැවති මාධ්‍ය හමුවක දී වං යී මහතා පැවසුවේ ඒකපාර්ශ්වික ක්‍රියාමාර්ග සහ ආරක්ෂණවාදය යුගයේ සංවර්ධන ප්‍රවණතාවට එරෙහි ව යන බවයි. එසේම එය අනිවාර්යයෙන්ම අසාර්ථක වනු ඇති බව ද ඔහු එහිදී කියාසිටියේය. ගෝලීය ආර්ථිකය ප්‍රකෘතිමත් වෙමින් පවතින මේ තීරණාත්මක මොහොතේ ලෝකයට නව කරදර ඇති නොකරන ලෙස ජාත්‍යන්තර ප්‍රජාව ඇමරිකාවට අනතුරු ඇඟවිය යුතු බව ද වං යී මහතා පැවසීය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම