පූර්ණ ප්‍රතිසංස්කරණය හා විවෘතභාවය පිළිබඳ චීන ජනපතිගේ මගපෙන්වීම් ඇතුළත් ලිපිය හෙට (16) පළ වේ
2024-05-15 16:44:33
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහලේකම්, ජනාධිපති සහ මධ්‍යම හමුදා කොමිසමේ සභාපති ෂී ජින් පිං මහතාගේ අදහස් ඇතුළත් වැදගත් ලිපියක් පළකෙරේ. පූර්ණ ප්‍රතිසංස්කරණය හා විවෘතභාවය පිළිබඳ චීන ජනපතිගේ මගපෙන්වීම් ඇතුළත් එම ලිපිය හෙට (16) නිකුත් වන Qiushi සඟරාවේ 10 වැනි කලාපයේ පළකෙරෙනු ඇත. 

 “පූර්ණ ප්‍රතිසංස්කරණය හා විවෘතභාවය තහවුරු කිරීම චීන ලක්ෂණ සහිත නවීකරණයට ප්‍රබල ශක්තියකි” යන්න එහි තේමාව යි. මේ තේමාවට අදාළ ව 2012 වසරේ දෙසැම්බර් මාසයේ සිට 2024 වසරේ මාර්තු මාසය දක්වා කාල සීමාව තුළ ෂී ජින්පිං මහතා ඉදිරිපත් කළ ප්‍රකාශ ඇසුරින් මෙම ලිපිය සම්පාදිත ය.

චීන ලක්ෂණ සහිත නවීකරණය ඉදිරියට ගෙන යමින් පූර්ණ ප්‍රතිසංස්කරණය හා විවෘතභාවය තවදුරටත් තහවුරු කළ යුතු බව ජනාධිපතිවරයා පෙන්වා දී තිබේ. සමාජයීය නිෂ්පාදන හැකියාව හා සමාජයීය ජීවගුණ අඛණ්ඩව නිදහස් කරමින් ශක්තිමත් කළ යුතුය. සමාජවාදී නවීකරණ රටක් අංගසම්පූර්ණ වශයෙන් ගොඩනැගීමේ ඉලක්කය ස්ථිරව අනුගමනය කරමින් උපායමාර්ගික, නවෝත්පාදන හා ප්‍රමුඛතාව සහිත ප්‍රතිසංස්කරණ මාලාවක් ඉදිරිපත් කළ යුතු බව ද ෂී ජින් පිං මහතා පෙන්වා දෙයි. එසේම, ප්‍රධාන ක්ෂේත්‍ර හා වැදගත් ව්‍යාපාර අභියෝගාත්මක ජයග්‍රහණ දිනා ගැනීමට වෑයම් දැරිය යුතුය. පූර්ණ ප්‍රතිසංස්කරණය හා විවෘතභාවය තවදුරටත් තහවුරු කිරීමේ පියවර ක්‍රියාවට නංවමින්, ඉහළ ගුණාත්මකභාවයෙන් යුතු සංවර්ධනය සහතික කර චීන ලක්ෂණ සහිත නවීකරණයට ප්‍රබල ශක්තියක් ලබා දිය යුතු බවද ෂී ජින්පිං මහතාගේ ලිපියෙන් අවධාරණය කෙරේ.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම