නව කෘෂි ව්‍යාපාරයක් ක්‍රියාවට නංවමින් රටේ ආර්ථික සංවර්ධනය තහවුරු කරන බව ජනපති කියයි
2024-05-15 17:19:17
Share with:

පැරණි වැවිලි කර්මාන්තය වෙනුවට නව කෘෂි ව්‍යාපාරයක් ක්‍රියාවට නංවමින් රට ආර්ථික වශයෙන් ඉදිරියට ගෙන යාමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

මේ කාර්යයේ දී අදාළ ආයතන අතර ඇති බාධක නව නීතියක් මගින් ඉවත් කරන බවත්, නව තාක්ෂණික කළමනාකරණය වැවිලි ක්ෂේත්‍රයට හඳුන්වා දීමට කටයුතු කරන බවත් හෙතෙම කියාසිටී. 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ අදහස් පළකළේ අතුරුගිරිය ජාතික වැවිලි කළමනාකරණ ආයතනයේ නව අධ්‍යයන හා පරිපාලන ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (14) පෙරවරුවේ එක්වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ මෙරට ග්‍රාමීය ජනතාවගේ දිළිඳුකම තුරන් කළ හැක්කේ කෘෂිකර්මාන්තයේ දියුණුව තුළින් පමණක් බවයි. මෙරට අපනයන ආර්ථිකයක් ඇති කිරීම සඳහා අවශ්‍ය නීති කෙටුම්පත් 13 වැනිදා  කැබිනට් මණ්ඩලයේ දී අනුමත කළ බව ද වික්‍රමසිංහ මහතා පැවසීය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම